2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

වැඩක් මාට්ටුලු

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 483

රාජ්ජ පාලනේ භාරව ඉන්න එක්තරා උප ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව.... උන්නැහේ අලි පාටියෙං පුටු පාටියට සම්ප්‍රාප්ත වුණ පුංචි මහත්තයෙක්.... මලේ පැත්තෙන් කොඩිය දාලා ඉන්න උන්නැහේ ආණ්ඩුවෙ හිටියට හිත තියෙන්නෙ හිටපු ලොකු තැන ළඟලු.....

පරණ ලොකු මහත්තයගෙ ඡන්ද භාර සහෝදරය එක්ක නිතර නිතර තැන් තැන්වල කසු කුසු ගානවය කියලත් කතා යනවා. එච්චර විතරක් නෙවේ ළඟදි උන්නැහේල වෙනුවෙන් ආණ්ඩුවෙ ප්‍රබල නිලමක්කාරයො ටිකක් එකතු කරල මහරගම පැත්තෙ හමුවකුත් තිබ්බය කියල සමහරු කියනවා....

මේ කතාවල් සේරම සොයාගෙන තියෙන්නෙ ආණ්ඩුවෙ තොරතුරු සොයන අංසෙ කස්ටියලු. ඊට පස්සෙ උන්නැහේගෙ මේ වැඩ ගැන හොයන්න වෙනම මෙහෙයුමක් පටන් අරන්ලු. කතාව හරියට පත්තුවුණොත් උන්නැහේගෙ උප නිලමෙකමටත් තට්ටුවෙන්න පුළුවන් කියල ආරංචියක් යනවා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00