2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

නක්කලයක්

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 417

පසුගිය දවසක විහාරෙක නමක් තියන ඇමැති සයිස් මහත්තයලගෙ ගෙදර පාටි මීටිමක් තිබුණලු. මේකෙදි කේතලෙන් මල්ලක් ගේන පළාතෙ උදවියට ආණ්ඩුවෙන් හරි හමං උදව්වක් නැහැ කියලා ලොකු සද්දයක් ආවලු. එකම පක්ෂයෙ ඉන්න අයියල මල්ලිත් හරි හරියට ඔට්ටු වුණා කියලයි ආරංචිය යන්නෙ....

මේ විදියට මීටිමේදී ජනතාව සද්ද බද්ද දාන්න ගත්තම වැඩේ සමතයකට පත් කොරල මීටිම හරියට ගෙනියන්න උදව් වෙන්න ආවෙ එතෙන්ට පැමිණි විශේෂ අමුත්තලු. මේ විශේෂ අමුත්තන් අලි පාටියෙ ඌව පළාතෙන් බිහිවුණ රාජ්‍ය ඇමැති සයිස් සමර+වීරයෙක් කියලයි කියවෙන්නෙ.

ඉතින් උන්නැහේ එතන රැස්වීමෙ හිටපු වලියට බර පාටි මැම්බර්ල අමතල කතා කරන්න ගත්ත. ඒ කතාවෙ තිබුණ අපූරු අදහස් නිසා හැමෝගෙම අවධානෙ කතාවට ගියා.

“සහෝදරවරුනි, අපිත් මේ පාටියෙ අවුරුදු ගණනක් ඉන්නවා. තමුන්නාන්සේලාට වගේම අපටත් හරියට වැරදි වෙලා තියෙනවා.... මම දැන් වැඩකරන කම්කරු අමාත්‍යංශෙ ඇමැති ශ්‍රී ලංකා. මම යූ.ඇන්.පී. කෘෂිකර්මෙ ගත්තම ඇමැති ශ්‍රී ලංකා.... රාජ්‍ය ඇමැතිකම් කරන අළුවිහාරේතුමා යූ.ඇන්.පී. ඉතින් හුඟක් තැන්වල ඔහොම තමයි. කෙරෙන්නෙ ඇමැති කැමැති වැඩ විතරයි. ඊටත් වඩා නක්කලයක් මට සිද්ධ වුණා මිත්‍රවරුනි. 1981 මම ගමේ පක්ෂ සමිතියෙ සභාපති. එහෙව් කරපු මම අදත් රාජ්‍ය ඇමැති මගේ දිස්තිරික්කෙම 1981 ඉපදුන කෙනෙක් ඉන්නව. උන්නැහේ කැබිනට් ඇමැති. එයා ඇමැති මම නොමැති ඇමැති. ඒ නිසා කාට කාටත් ඔහොම දේවල් තමයි වෙලා තියෙන්නෙ. ඒ නිසා අපි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉම්මු....” රාජ්‍ය ඇමැතිතුමා කතාව අවසන් කරමින් කිව්වා.... ජනතාව මුහුණට මුහුණ බලාගත්තා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00