2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

තෙම්පරාදු දේශපාලනේ ජවනිකාවක්

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1137

දියවන්නා කවුන්සිලේ 20ට එරෙහි ගෝසාවෙන් ගිගුම් දෙන්න පටන් ගත්ත.... ටෙලිෆෝන් පක්ෂයේ අයත් විපක්ෂයේ අනිත් පක්ෂවල උදවියත් මේ ඝෝෂාවට හවුල්වෙලා වැඩේ තරමක් අවුල් සහගත තත්ත්වයට පත්වුණා.

මේ වගේ දේවල් හොඳට පුරුදු තෙම්පරාදු දේශපාලනේ අත්දැකීම් බහුල මහින්ද උන්නැහෙත් හිනාවෙවි විපක්ෂයෙ නාට්‍යය දිහා බලන් හිටිය...

ඔන්න ඔහොම ටිකක් වෙලා විපක්ෂය ගෝසා කරන අතරෙ ටැලිෆෝන් පක්ෂයෙන් කොළඹ දිසාවට පත්වුණ බර්-මාන් මන්ත්‍රී තැන එකපාරටම ආණ්ඩුව පැත්තට දුවගෙන ආව. එයා ඇවිල්ල නැවතුණේ මහින්ද උන්නැහේගෙ ආසනේ ඉස්සරහ...

මෙයා එතෙන්ට ආපු ගමන් මහින්ද උන්නැහේට රහසක් කියන්න වගේ කිට්ටුවෙලා  &සර් අපි මේ සටන කරන්නෙ සර් වෙනුවෙන්... සර් රැකගන්න. මන්ත්‍රී තැන කිව්ව.

හැබෑට මහින්ද උන්නැහේ කට කොනකින් හිනාවෙමින් ඇහුව

අම්මප සර්... සර්ගෙ බලතල රුකල දෙන්නයි අපි සටන් කරන්නෙ... බර්-මාන් මන්ත්‍රී තැන නැවතත් කිව්ව.

ඒක හොඳයි... එතකොට ආණ්ඩුව කොහොමත් මම රකිනව. ඔයා කියන විදියට විපක්ෂයත් මම රකිනව.... ඉතින් ඔය දොගොල්ලටම ඕන මම රුකගන්න නම් ඇයි මේ ගෝසා කරන්නෙ. ගිහිල්ල වාඩිවෙන්න.... එතකොට අපි කවුරුත් රැකේවි...
මහින්ද උන්නැහේ තෙම්පරාදු උත්තරයක් සභාගත කළා.

බර්-මාන් මන්ත්‍රීතුමා කරකවල අතෑරිය වගේ වුණා... ටක් ගාල එහා විපක්ෂය පැත්තට දුවල ගිහිල්ල එයාගෙ ආසනේ වාඩිවුණා. මහින්ද උන්නැහේ මේසෙට තට්ටුවක් දාල අප්පුඩියක් ගැහුව...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00