2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

ලැට් ව්‍යාපෘතිය

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 614

වැඩකරන ජනතාවට සේවය කරන එක්තරා අමාත්‍යංශයක ලොකු අරමුදලක් තියෙනව....

ඒ අරමුදල පොහොසත් වෙන්නෙත් රටේ ජනතාව සතිපතා ඒකට කරන වක්‍ර ආධාරෙකින්. වැඩකරන පංතියේ අයගෙ යම් යම් සේවාවන් වෙනුවෙන් මේ අරමුදලෙ සල්ලි වැයකිරීමයි එහි අරමුණ. එතැනින් දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව එහෙමත් දෙනවලු...
කොහොම හරි ළඟදී මේ අමාත්‍යංශය භාරව පත්වුණ දේශපාලන බලවතාට මේ අරමුදල ගැන දැනගන්න ලැබුණ. ඒකෙ ඉතිහාසේ සොයාගෙන යනකොට දැනට ලංකාවෙ දෙවැනි පුටුවෙ ඉන්න හිටපු ලොකු තැන තමන්ගෙ පාලන කාලෙ මේ අරමුදල ඇතිකරල ඒක පොහොසත් කරපු බවත් සොයාගෙනලු.

ඉතින් මේ අරමුදලෙ ජනතා සල්ලිත් තියෙන නිසා අලුත් ලොක්ක මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුව... ඊට පස්සෙ උන්නැහේ මේ අරමුදලෙන් කරන්න වැඩකුත් ප්ලෑන් කළා. ඊළඟට ආයතනෙ ප්‍රධානීන් කැඳවල රුස්වීමක් තිබ්බ. එකෙදි මේ බලවත් වියපත් ජනතා හිතවාදී ඇමැතිතුමා කිව්ව මේ අරමුදල අපිට අයිතියි. ඒකෙ මිලියන සිය ගණනක මුදලකුත් තියෙනව. ඒ හින්ද ඒ මුදල් පාවිච්චි කරල තමන්ගෙ දිස්තිරික්කෙ ටොයිලට් පන්දාහක් හදන්න ඕන කියල. ඒක ටොයිලට් එකකට රැපියල් හැට හැත්තෑදාහක් විතර වියදම් වෙන බවට එතුමා ගණන් බලලත් තිබුණා...

ඇමැතිතුමාගෙ දේශපාලන ඌෂ්ණෙ හින්ද උන්නැහේගෙ මේ ලැට් ව්‍යාපෘතිය ගැන ඒ වෙලාවෙ කවුරැත් මුකුත් කිව්වෙ නැහැ. ඒත් රැස්වීම ඉවරවුණාට පස්සෙ ඒ ගැන හොර රහස් කතාකරපු නිලධාරි කිව්වෙ මෙහෙමයි.
මේව කරන එක ඔය අරමුදල් පනතට විරැද්ධයි... ඊටත් වඩා ඒකෙ තියෙන තුට්ටු දෙක ලැට් ව්‍යාපෘතියට ගත්තම අරමුදලත් ඉවරයි. ඊට පස්සෙ අපි කාටත් අබසරණයි... කියලයි.