2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

අලුතින් එන පරණ නෑදෑයෝ

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1014

පසුගිය කාලේ මේ රටේ ලොකුම පුටුවක් දරාපු මහත්තයෙක් හම්බුවෙන්න උන්නැහේගේ කාලේ බලවත් තනතුරු දරාපු ගෝලබාලයෝ දෙතුන්දෙනෙක් නිතර එන්න පටන් අරන්ලු..

පසුගිය කාලේ වැඩිය ආවේ ගියේ නැති අයත් මෙහෙම එකපාරටම එන්න පටන් අරන් තියෙන්නේ මොකද කියලා හතරවටේ ඉන්න කස්ටිය හොයලා බලන්න ගත්තලු.

මේ අය අතරේ හිටලු පළාත් ලොක්කො වගේ අයත් ඉන්න නිසයි කාගෙත් උනන්දුව වැඩි වුණේ. එයාලා මෙහෙම එන්න ගත්තේ අලුත් සංශෝධනේ ගැන කතා කරන්න කියලා ඊටපස්සේ ආරංචි වුණා... මෙයින් සමහර කෙනෙක් දැන් ඉන්නේ විපක්ෂ බලවේගය ඉස්සරහට තල්ලු කරමින්... ඒත් ඔය බලවත් චරිතය ආණ්ඩුවේ ලොකුම මුක්කුවක්..

ළඟදිම උන්නැහේටත් පට්ටමක් ලැබෙන එකත් ෂුවර්ලු. පිටින් එන පළාත් ලොක්කන්ට ඕන මේ බලවත් චරිතය ලවා සංශෝධනේට මොකක්හරි ඇණයක් ගැසීමලු. ඒ ගැන ඇවිත් අදහස් උදහස් දක්වන උදවිය මොනවා කිව්වත් මේ බලවතා කරන්නේ සවන් දෙන්නාගේ චරිතය රඟපෑම විතරලු...

මත පළකිරීමක් නැති බවයි ආරංචි... ඒක නිසා උන්නැහේ බලන්න එන කස්ටිය යන්නේ අප්සෙට් එකේ කියලා කියැවෙනවා...