2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

මුට්ටිය දැමිල්ල

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 723

ගහ ලකුණින් ඡන්දෙට ආපු රවුෆ්තුමා ලොකු අමාරුවක වැටිලලු... එයාගේ මන්තිරි කණ්ඩායමේ ඉන්න ගෝලබාලයෝ ගණනක් හොරෙන් හොරෙන් ආණ්ඩුව එක්ක ඩීල් දාගෙන තිබීම නිසයි මේ අවුල ඇතිවුණේ.

පසුගිය දාක එයාලගේ මහපාලක මණ්ඩලේ රැස්වුණාම මේ ඩීල් කතාව එළියට පැන්නා.. නැගෙනහිරින් ආපු හිටපු මහ ඇමැති සයිස් පොරක් මණ්ඩලේ ඇතුළෙදි කතා කළේ ආණ්ඩුවට යන්නමයි. එයා එක්ක තවත් දෙතුන්දෙනෙක් ඉන්න බවයි ප්‍රසිද්ධ වෙච්ච ආරංචිය...

පක්ෂ නායකයාට ආණ්ඩුවේ ලොක්කොත් එක්ක නොයෙක් හුටපට තියෙන නිසා එයා ඉන්නේ වැට උඩ. ඒ වගේම ආණ්ඩුවෙනුත් පක්ෂ නායකයට ලොකු ප්‍රතිචාරයක් නැත්තේ පසුගිය කාලේ සිද්ධ වුණ සමහර බරපතළ සිද්ධිවලට මේ අයගේ නම් ගෑවිලා තිබුණ නිසාලු.

මේ රුස්වීඹ පටන් ගන්න වෙලේ ඉඳන් මන්ත්‍රී කණ්ඩායමේ හුඟ දෙනෙක් කළේ ටෙලිෆෝන් එකට බැණ වැදීම බවත් ආරංචියි... පක්ෂ නායකයන් බොහොම ආවේගෙන් ටෙලිෆෝන් එක ගැන කතා කරලා.

කොහොම නමුත් දැන් මේ ගහ පාටියේ පසුපෙළ කස්ටිය කිහිපදෙනෙක්ම ආණ්ඩුවට මුට්ටිය දාලා ඉවරයි. ඒකේ ලොක්කන්ට ආණ්ඩුව එක්ක පරණ ඇරියස් තිබෙන නිසා එයාලා තක්කුමුක්කු වෙලා ඉන්නවා.

හෙට අනිද්දා වෙනකොට ඔය ගහේ තිබෙන හොඳ ගෙඩි ටිකක් මහින්ද උන්නැහේගේ ඔඩොක්කුවට වැටෙන එක ෂුවර් වගෙයි පේන්නේ. මේ වැඩේට නායකත්වය දෙන්නේ ගහ පාටියේ නැගෙනහිර ලොක්කො දෙන්නෙක්ලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00