2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

උන්නැහේට මල පැනලා

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 899

දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝදේට දක්ෂ ඒ වගේම ජ්‍යෙෂ්ඨ, මහත්මයෙක් ඉන්නවා. උන්නැහේ කැබිනට් සයිස් කිව්වට වරදක් නැහැ...

චන්ද්‍රිකා පාලනෙත් කැබිනට්, මහින්ද පාලනෙත් කැබිනට්, යහපාලනෙත් කැබිනට්, දැනුත් කැබිනට්....

උන්නැහේට මේ රජයේ භාරදීල තියෙන්නෙ ජනතාවට ලොකු සේවාවක් කරන්න පුළුවන් විෂයක්... විෂය වැදගත් වුණාට වැඩේ හරි ඩ්‍රයි සබ්ජෙක්ට් එකක්. සල්ලිත් හිඟයි. ව්‍යාපෘතිත් හිඟයි. මේ අමාත්‍යංශයේ තිබුණ වාසනාවන්තම අරමුදලත් මහ භාණ්ඩාගාරෙට අරන්... ඉතින් කොහොමද උන්නැහේ රටට ජනතාවට වැඩ කරන්නෙ....

මීට කළින් හොඳ හොඳ සබ්ජෙක්ට් කරපු උන්නැහේට මේ පාර මෙහෙම කරපු එකට ඉන්නෙ මල පැනලා...

කොච්චර මල පැනලද කියනවා නම් ආණ්ඩුවෙ ඉහළ තැන්වල ඉන්න ලොකු ලොක්කන්ගෙ නම් කියනකොට නිකම්ම වයින් වෙනවලු...

ඊටපස්සෙ කතාව කෙළවර වෙන්නෙ ලොකු ජරමරයකින්ලු.... තමන්ගෙ ජ්‍යෙෂ්ඨ නිලමෙල ඉස්සරහත් ලොකු තැන්වලට බණින කොට ඒ නිලමෙලා ගල්බීත වෙලා බලන් ඉන්නව කියලත් ආරංචියි.

අවුරැදු විස්සක් තිහක් බොහොම නිර්මල දේශපාලනයක් කරලා කප්ගහපු මුන්නැහේගෙ නම වරක් රටේ ලොකු පුටුවකටත් යෝජනා වුණා... ඒත් ඉතින් අන්තිම මොහොතේ වැඩේ අප්සෙට් වුණා...

පවතින තත්ත්වය නිසා නිතර නිතර කාටත් හොරෙන් විශේෂ වෛද්‍ය උපදෙස් පවා ලබාගන්න මුන්නැහේගෙ කෙරැවාව ගැන බුද්ධි අංශ කස්ටියක් ඉහළටම වාර්තා කරලලු... ඊට පස්සෙ මේ නම් තුනක් තියෙන ඇමැති සයිස් මහත්තයා ගැන ඉහළ තැන් විශේෂ අවධානයෙන් ඉන්න බව ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00