2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

අහිංසක ඉල්ලීමක්

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 829

මේ ආණ්ඩුව පිහිටුවලා දවස් ගණනක් තුළ තමන්ගෙ නම ප්‍රසිද්ධ කරගත්ත එක්තරා දේශපාලුතුමෙක් ඉන්නවා....
උන්නැහේ කොළඹට ඒ තරම් දුර නැති පළාතක් නියෝජනය කරන භවතෙක්...

උන්නැහේ වගේම උන්නැහේගෙ අයියත් හොඳ වැඩවලට හරිම ප්‍රසිද්ධයි කිව්වොත් වරදක් නැහැ...

මේ දවස්වල ඉස්සො මිල ගැන කතා කළත් එකපාරටම මතක් වෙන්නෙ මුන්නැහේ තමයි... කාලයක් - විල්ලුවක් ගැන කිව්වත් මතක් වෙන්නෙ එයාමයි.

ඉතින් ඒක නෙවෙයි කතාව. උන්නැහේ ඉන්න පළාතෙ පිහිටුවල තිබෙන ලොකු සමාගම්, කම්හල් වගේ ඒවයේ ප්‍රධානීන්ට මේ දවස්වල අපේ දේශපාලුතුමාගෙ ගෝලයො පණිවුඩ පිට පණිවුඩ දෙනවලු... ටිකක් ලොකුම ව්‍යාපාර කරන සමහරැන්ට උන්නැහේමත් කතා කරනවලු. ඒ කතාබහ ඉවර කරන්නෙ ඔයා ඇවිත් මාව හම්බුවෙන්න කියලයි. හම්බුවෙන්න ගියාම කියන කතා මේකෙ ලියන්න බැහැ. ඒක ලොකු ඉල්ලීමක්ලු. ඒ ඉල්ලීම ඉටුකරන්න කියල එයා නියම කරනව. ඒක නොකළොත් ඉතින් බඩුම තමයි කියල එහෙම ගියපු අය කියනව....

කොහොම හරි දැන් මේ කතාව රටේ ඉහළම තැනටත් වාර්තාවෙලා... ටෙලස්කෝප් දෙක තුනක් ඒ පැත්තට හයිකරලලු තියෙන්නෙ....

ළඟදිම හොඳ විජ්ජුම්බරයක් බලාගන්න පුළුවන් වේවි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00