2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

අහක බැලුවෙ ඇයි?

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 623

මේ දවස්වල ටෙලිෆෝන් එකේ ලොකු තැනත් එක්ක පහුගිය කාලේ ළඟින්ම හිටිය කෙනෙක් වැඩිය නෑලු. එයා මේ කොළඹ මහා නගරයෙන් ආපු කාලයක් ඇමතිකම් කරපු කෙනෙක්. ඒකට හේතුව ටෙලිෆෝන් එකේ ලොකුතැන යම් යම් තීන්දු එයාටත් හොරාගත්ත එක ගැනලු. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ තනතුරු බෙදද්දී එයාව අමතක කළා කියලත් නෝක්කාඩුවක් තියෙනවා.

කොහොම වුණත් ඔය තරම් හරි පක්ෂය තැනකට ගන්න දරදිය ඇද්ද එයාව මෙහෙම පැත්තක තියෙන එක ගැන පක්ෂයේ සමහර අයත් එච්චර හිත හොඳ නෑ කියලයි කියන්නේ. කොහොම වුණත් දැන් එයා පුංචිදාස ඉන්න රැස්වීම්වල එහෙම පේන්න ඉන්නෙත් නෑලු. මේ තත්ත්වය දන්න නිසා සමහර අය මේ දෙන්නව තවත් ඈත් කරන්න දිය යටින් ගින්දරත් අරගෙන යනවා කියලයි ආරංචිය. ඒ අතර ගොඩක්ම ඉන්නේ ලැයිස්තුවෙන් ආපු ආර්ථික ඔස්තාද් කෙනෙක් කියලයි දන්න කට්ටිය කියන්නේ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00