2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

අමුතු පොතක්

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 528

පහුගිය කාලේ කකුල දෙපැත්තේ තියන් හිටිය කොළඹ අශ්වයෙක් වගේ දුවන හාදයෙක් ආයේ එක පැත්තකට කකුල අරගෙනලු. මෙයා ආයේ සුපුරුදු විදිහට එයාගේ මහ ගේ වෙච්චි අත පාටිය පැත්තේ දැන් කරක් ගහනවා.
ඡන්දය කාලේ වේගෙන් දිව්වට පරාද වුණු මෙයාට අන්තිමේ ආතක් පාතක් නැති වෙලාලු හිටියේ. හේතුව රටේ මහ තැනයි දෙවැනි තැනයි එයාව ගණන් ගත්තේ නැති නිසා. එයා හිතුවලු එයාට ලොකුතැන් තැනක් දෙයි කියලා. පළාත් ආණ්ඩුකාරකමක් දෙන බවටත් ප්‍රචාරයක් ගෙනිච්චෙ ඒ නිසාමයි. අන්තිමේ කිසි දෙයක් දුන්නේ නැති තැන මෙයා දැන් ආයේ මහ ගෙදර එන්න අරන්.

කොහොම වුණත් කොළඹ ලැයිස්තුවේ දෙන්නෙක්ගේ නම් කැපෙන්න ඇරලා තනියම උඩට යන්න ගිය මෙයා සම්බන්ධයෙන් අත පාටියේ මහ තැනටත් විශ්වාසයක් නෑලු. කොහොම වුණත් මෙයා එන යන එකට කට්ටිය ආසත් නෑලු. ළඟදිම එයාට විරුද්ධව කැරැල්ල පටන් ගන්නලු කට්ටිය හදන්නේ. ආයෙත් එයා පක්ෂයට හේත්තු වෙලා පක්ෂයෙන් තනතුරක් ගන්න හදන බව කට්ටිය දන්න නිසා සමහර අය පක්ෂයේ ලොකු තැනට කියලලු තියෙන්නේ එයාට දුන්නොත් කට්ටිය අයින් වෙලා යනවා යන්න කියලා.