2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

අපූරු විධායකයා

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 978

මහින්ද උන්නැහේගෙ ආණ්ඩුව තියෙන කාලෙ එක්තරා බලවත් මූල්‍ය ආයතනයක ඉහළම තනතුරු දැරූ නිලධාරියෙක් හිටියා. ඔහු තමන් සේවය කළ ආයතන දෙක තුනටම රුපියල් බිලියන ගණනින් ලාභ ලබාදුන් කෙනෙක්...

කෙසේ හෝ මේ නිලධාරියට යහපාලන කාලෙ ලොකු නඩුවක් වැටුණා. අද මේ ආණ්ඩුවෙ ප්‍රබලම තනතුරක් දරණ කෙනෙක් එක්ක මෙයා කාලයක් වැලිකඩත් හිටියා. දිග නඩුවක් මෙයාලට විරැද්ධව විභාග කෙරුණා.

අන්තිමේදි නඩුව බොරැවෙලා උසාවියෙන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කළා...

ඊට ටික දවසකට පස්සෙ වත්මන් ආණ්ඩුව ආවා... යහපාලනෙන් වෙච්ච වැරදි නිවැරදි වෙලා මේ රජයෙන් ජීවිකාව ගෙන යන්න රස්සාවක් ලැබෙයි කියල මේ නිලධාරියා හිතුවා. ඉහළ තනතුරුවලට නාමයෝජනා වුණත් කුමන හේතුවක් නිසා හෝ රජයේ රැකියාවක් ලැබුණෙ නැහැ.

ඊටපස්සෙ උන්නැහේ ගෙදරටම වෙලා ඉන්නකොට මේ රටේ තිබෙන දැවැන්තම පෞද්ගලික සමාගමකින් මෙයාට ඉහළ තනතුරක් සඳහා ආරාධනා ලැබුණෙ එහෙම ආරාධනා කළේ මේ පුද්ගලයගෙ දක්ෂකම දැනගෙන. ඒ වෙනකොට මේ දැවැන්ත පෞද්ගලික සමාගම කෝටි හාර පන්සීයක් ණය වෙලා විශාල අර්බුදයකට ගිහිල්ලලු තිබුණෙ...

හැබැයි මේ නිලධාරියා තමන්ට රස්සාවක් නැතත් එකපාරටම මේ රස්සාව බාරගත්තෙ නැහැ. ඒකටත් හේතුවක් තිබුණා. යහපාලනෙන් එයාලට නඩු දාපු කාලෙ මේ පෞද්ගලික සමාගමේ ලොක්කෙක් එයාලට කරපු යම් යම් හිත රිදෙන වැඩ නිසයි රස්සාවට එකපාරටම කැමති නොවුණෙ...

කොහොම නමුත් සමාගමේ ලොක්කා පරණ පව් සමාකරගෙන මේ නිලධාරියට මාසෙකට රැපියල් ලක්ෂ පනහක හැටක පඩියක් යෝජනා කළා. ඒ සේරම සලකා බලල මේ ආණ්ඩුවට එපා වූ නිලධාරියා ණය බරින් තැලිල පොඩිවෙලා වැහෙන්න ගිය මේ දේශීය සමාගම බාරගත්තා. 

එතන ප්‍රධාන විධායකයා හැටියට එයා හැමෝටම ගෑස් පෙන්නුවා. අයිතිකාරයටත් මාස තුනක් ගෙදරටම වෙලා ඉන්න කිව්වා... දැඩි තීරණ ගත්තා. ආයතනය හරි පාරට වැටුණා. මාස දෙකකට පස්සෙ රුපියල් මිලියන සිය ගණන් මාසිකව අලාභ ලැබූ ආයතනය රැපියල් ලක්ෂ 2500ක් ලාභ ලැබුවා... දැන් වැඩේ ජයට යනවා. ඉදිරියේදි තවත් ලාභය නගිනවලු...

රජයේ රැකියාවක් ලැබුණා නම් රැපියල් ලක්ෂ තුන හතරක මාසික වැටුපකට සේවය කරන්නයි තිබුණෙ... ඒක නොලැබීම තමන්ගෙ වාසනාවක් බවයි එයා කියන්නෙ... මිනිසුන් කුඩා වුණත් බාල වුණත් හිත ඇත්නම් පත කුඩාද කියලා කතාවක් තියෙනවා. ඒක තමයි එයා ඔප්පු කළේ.

හැබැයි මේ සත්‍ය කතාව රටට කියනවට එයා කොහොමවත් කැමැති වුණේ නැති බවත් කිව යුතුයි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00