2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

ඒ කියන්නෙ මොකද්ද

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 747

දියවන්නා කවුන්සිලේ මංගල කතාවෙන් උතුරෙ ජනයා අතර වීරයෙක් වෙන්න හදපු විගීට මාර කේස් එකක් වෙලා...

එයා තමන්ගෙ වීරත්වය වගේම කොටි සටන්කරුවන්ට තිබෙන හිතවත්කම පෙන්වන්න දියවන්නාවෙ දිවුරුම් දෙන්න කලින් වෙල්ලමුල්ලි කොටි සොහොන් පිටියට ගිහිල්ලා දිවුරුමක් දුන්නා...

ඊටපස්සෙ එතනට රැස්වෙලා හිටපු ජනතාව අමතා කතාවකුත් කරන්න පටන් ගත්තා...

ඒකෙදි එයා කිව්වෙ තමන් මේ සටන කොරන්නෙ උතුරෙ ජනතාවට නිදහස දිනා දෙන්නත් ඩිමොක්‍රසි ආරක්ෂා කරන්නත්ය කියලයි.

දෙමළ බසින් කතා කරගෙන ගිහිල්ල ඒ කතාව මැදට ඉංගිරිසියෙන් ඩිමොක්‍රසි කතාව බැස්සුවම කතාව අහගෙන හිටපු සමහරැන්ට අන්දුන් කුන්දුන් වුණා...

ඊටපස්සෙ එතන හිටපු දෙමළ පමණක් දන්න තරැණයෙක් විගීගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා...

මොකද්ද අයියා ඔය ඩිමොක්‍රසි කියන්නෙ. ඒකට දෙමළෙන් කියන්නෙ කොහොමද? තරුණයා ප්‍රශ්න කළා...

තරුණයගෙ ප්‍රශ්නෙන් විගී හොඳටම අප්සෙට් වුණා. උත්තර දීගන්න බැරුව ඇඹරුණා. එයා කතාව හෙමින්ම නවත්තල ඒක පස්සෙ පැහැදිලි කරන්නම් කියලා යන්න ගියා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00