2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

රථගාය උග්‍රයිලු

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 757

ආණ්ඩුවට ලොකු බලයක් එක්ක අලුත් මැති ඇමැති පිරිසක් පත්වුණා කියමුකො. ඒ අයගෙන් පිරිසකට නොයෙක් පට්ටම් තාන්න මාන්නත් හම්බවුණා...

තනතුර සමඟ අනතුර ඇත කියලා සමාජයෙ කතාවක් තිබුණට මේ අලුත් තනතුරැලාභීන් බොහොමයක් කල්පනා කරන්නෙ තනතුර සමඟ ලැබෙන පහසුකම් ගැන පමණයි.

මේකත් ඒ වගේ පහසුකම් ගැන අපට ඇහුණු කතාවක්. මේක ඇහුණෙ දියවන්නා කවුන්සිලේ පැත්තෙනුයි. ඈත පළාතකින් ඇවිත් කවුන්සිලෙන් තනතුරක් දරන පොහොට්ටුවෙ එක්තරා හවුල්කාර පක්ෂයක දේශපාලන භවතෙක් ඉන්නවා. එයාට ආණ්ඩුවෙන් වාහන 8ක්ම ලැබිලලු... ඒවයින් සමහරක් තවම ගරාජ් එකේ රෙපයාර් කරන බවත් ආරංචියි...

එහෙම තියෙද්දි උන්නැහේ පදිංචි දිස්තිරික්කෙ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ පට්ටමකුත් ලැබුණා. ඒක ලැබුණා විතරයි... එයා දැන් ඒ තනතුරට ලැබෙන්න නියමිත වාහනෙත් ඉල්ලනවලු.

ඒ ගැන වාත කරමින් වගකිවයුතු තැන්වලට ඉල්ලීම් කරන බවත් අපට දියවන්නා කවුන්සිලේ පැත්තෙන් ආරංචියි...

කොහොමහරි ඒකත් ලැබුණොත් එයාටම වාහන 9යි. මේ වගේ රථගාය ඇති අය තුන් හතර දෙනෙක් හිටියොත් ආණ්ඩුවෙ අරමුණු කැලේ යන්නත් ඉඩ තියෙන බවයි තතු දත් අයගෙ මතය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00