2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

ඇමැතිතුමාට බෙදූ හැන්ද

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:37 824

පසුගිය දවසක මේ ආණ්ඩුවෙ ඉහළම පෙළේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුට තමන්ගෙ පක්ෂ හිතවතුන් පිරිසකට සම්මන්ත්‍රණයක් තියන්න ඕනෑ වුණා...

දෙසීයක විතර පිරිසක් සහභාගි වන මේ සම්මන්ත්‍රණේ තියන්න පහසුම හා සුදුසුම තැන හැටියට උන්නැහේ තෝරාගත්තෙ දියවන්නාව පැත්තෙ තියෙන ආණ්ඩුවෙම සංචාරක නිකේතනයක්...

මේ ගැන මූලික කතාබහ සඳහා ඇමැති තැනගෙ පවුලෙ කෙනෙක් අවශ්‍ය පියවර ගත්තා. හෝටලයේ ශාලාවක කෙරෙන සම්මන්ත්‍රණය සඳහා යන සංග්‍රහ වියදම ඇතුළු සියලුම වියදම් ඇමැති තැන විසින් තමන්ගෙ මුදලින් ගෙවන්නත් අවශ්‍ය බව හෝටලේ ප්‍රධානීන්ට දැන්නුවා...

මේ දවස්වල කොරෝනා කේස් නිසා හෝටල්වලටත් බිස්නස් නැතුව අවුලට වැටිලා ඉන්න නිසා මේක එයාලට ලැබුණු හොඳ බිස්නස් එකක්.

ඉතින් මේ ගැන කරපු සාකච්ඡාව අවසානෙ ඇමැතිතුමාගෙ නියෝජිතවරිය හැටියට ඊට සහභාගි වුණු එතුමාගේ ලේලියට හෝටලෙන් ලැබුණෙ පුදුම සහගත පිළිතුරක්.

මේ සම්මන්තණයට මුදල් ගෙවලවත් හෝටල් ශාලාව දෙන්න බැහැ කියලයි ඒ පිළිතුරේ තිබුණෙ... ඒ පිළිතුර අහපු ගුණවර්ධනය කරන ඇමැතිතුමාට හැමෝම කිව්වෙ මේ අකටයුත්ත ගැන රටේ ලොකු මහත්තයට පැමිණිලි කරන්න කියලයි.

නෑ නෑ.. ඒක දැන් අවශ්‍ය නැහැ... එයාලට බිස්නස් එක එපා නම් අපි වෙන හෝල් එකක රුස්වීම තියමු කියපු ඇමැතිතුමා ඒක වෙනත් පෞද්ගලික ව්‍යාපාරිකයකුගෙ ශාලාවක තිබ්බා... අතින් සල්ලි ගෙවලවත් ආණ්ඩුවෙ ඉන්න ජ්‍යෙෂ්ඨම ඇමැති කෙනකුට ආණ්ඩුවෙ හෝටලේක පහසුකම නොදෙන්න තරම් උද්දච්ඡ වෙච්ච පුද්ගලයා ගැන පසුව ඇමැතිතුමාටත් තොරතුරැ වාර්තා වුණා...

මහ ඡන්දෙන් පස්සෙ ඇමැති තැන ඒ ගැන දැඩි පියවරක් ගන්නලු යන්නෙ... අපි කියන මේ ඇමැති තැන ආණ්ඩුවෙ ඉන්න ජ්‍යෙෂ්ඨම ඉහළ බලවත්ම කෙනෙක් බවත් කියන්න ඕන.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00