2020 ජුලි 25 වන සෙනසුරාදා

ආරාධනාවකට සූදානමක්

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 959

මෛත්‍රීතුමා අත පාටියෙ ලොකු පුටුවෙන් බැහැලා යන්න සූදානම් කියලා පසුගිය දවසක කියලා තිබුණ... ඊටපස්සෙ පක්ෂයෙ කස්ටිය මේක නිසා ඇතිවෙන පුරප්පාඩුව පුරවන විදිය ගැන උනන්දු වෙන්න පටන් අරන්...

පක්ෂය ඇතුළෙ ඉන්න තරුණ නායකයො දෙන්නකුත් මේ වැඩේ දෙනව නම් භාරගන්න මට්ටමේලු ඉන්නෙ... 

ඒ වුණත් අත පාටියෙම පිරිසක් කියනවලු මේ වැදගත් පක්ෂයට ශක්තිමත් නායකයෙක් ඕනෑය කියලා... මේ කතාව ඉස්සරහට තල්ලු කරන්නෙ ක්‍රිකට්වලට සම්බන්ධ හිටපු රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙක් ඇතුළු පිරිසක් බවයි ආරංචි...

එයාල කියන්නෙ අත පාටියෙ මහපුටුවට රටේ දැන් ඉන්න ලොකු මහත්තයට ආරාධනා කළ යුතු බවයි... උන්නැහේටත් පිය උරුමයෙන් මේ පක්ෂයෙ අයිතියක් තියෙන බව කියන අත පාටි කස්ටිය මේ ගැන තමන්ගෙ පක්ෂයෙ විතරක් නෙවෙයි ආණ්ඩුවෙ ඉන්න නොයෙක් දේශපාලන සගයන් සමඟත් කතා කරන්න පටන් අරන් කියල ආරංචියි. ඒත් එයාලට තිබෙන ප්‍රශ්නය තමන් මේ කරන්න යන ආරාධනාව රටේ ලොකු මහත්තය භාරගනීද නැද්ද කියන එකලු...

ඒකට සපෝට් එක ගන්න මෙයාලා මේ දවස්වල ලොකු මහත්තයගෙ හිතවතුන් මුණගැහිල ඔය කාරණාව ගැන මත විමසුමකුත් පටන් අරන් කියල කියැවෙනව. ඒත් තවම කවුරැවත් මේ ගැන රටේ ලොකු මහත්තයගෙන් නම් අහන්න ගිහින් නැතිලු... ඒකට හේතුව දැන් පොහොට්ටුවෙ ඉන්න උන්නැහේගෙ ප්‍රතිචාරෙ මොකක් වේවිද කියල හිතාගන්න බැරිකමලු...

කොහොම නමුත් ළඟදිම මේ යෝජනාව ලොකු මහත්තයට ඉදිරිපත් කරන්න &ක්‍රිකට් පොර* ඇතුළු කිහිප දෙනෙක් ෆුල් ට්‍රයි කරන බව නම් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00