2020 ජුලි 25 වන සෙනසුරාදා

මහපුටු සටනක්

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 575

තොණ්ඩමෑන්තුමාගෙ අභාවයෙන් පස්සෙ පක්ෂ නායකත්වය වගේම වතුකර දේශපාලන නායකත්වයෙත් ලොකු හදියක් ඇතිවෙලා. ඒ වුණාට ඉදිරි ඡන්දෙන් පස්සෙ වතුකරේට ලැබෙන කැබිනට් පට්ටම අල්ලගන්න දැන්ම ඉඳල සටනක් පටන් අරන්. පක්ෂයෙ නායකකමට උරුමකම් කියන නුවරඑළියෙන් හා බදුල්ලෙන් ඡන්දෙ ඉල්ලන දෙන්නෙක් අතරලු සටන තියෙන්නෙ... නුවරඑළියෙන් ඉල්ලන තරැණයා ආධුනික නිසා එයාට එකපාරටම කැබිනට් වාසනාව ලැබෙන පාටක් නැති හින්ද ඒ පවුලෙන්ම බිහිවූ බදුලු පුත්‍රයෙක් මේ පට්ටමට ඇහැගහගෙන ඉන්නවලු...

මේ සීතල යුද්දෙ ප්‍රතිඵලයක් හැටියට බදුල්ලෙන් සටනට එන තැනැත්තා පරාජය කළොත් සේරම හරිය කියල කියන කස්ටියකුත් කම්කරැ කොංග්‍රසයෙ ඉන්න බවයි ආරංචි....

කොහොමහරි වතුකරේ මහපුටු සටන ඇවිලෙමින් තිබෙන්නෙ. ඒක ළඟදිම අතපය විසිකරන ගෝරියක් බවට පත්වෙන්න පුළුවන් බවයි දැනට තියෙන ආරංචිය... මේ ගැන තතු දත් සමහරැ කියන්නෙ නායකත්ව සටන නිසා එයාලගෙ පක්ෂයට ලැබෙන්න තියෙන ආසන ටිකත් නොලැබෙන්න පුළුවන් කියලයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00