2020 ජුලි 18 වන සෙනසුරාදා

පට්ටමක් ඉල්ලලා

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 819

පසුගියදාක රටේ ලොකු මහත්තයා පුලතිසිපුරේ පැත්තේ ගියේ දේශපාලන හමුවීම් ගණනාවකට...

මේ ගමනෙදී උන්නැහේ පළාතෙන් ඡන්දෙ ඉල්ලන හැමෝගෙම එක් ජන හමුවකට ගියා...

එයින් එක ජනහමුවකට ගියාම එතන හිටපු ස්වාමීන් වහන්සේලයි පළාතේ පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරිකයොයි එකතු වෙලා ලොකු මහත්තයට විශේෂ ලිපියක් භාරදුන්නා.... ඒකට අත්සන් කරලා තිබුණෙ පළාතේ ප්‍රකට නායක හාමුදුරුවරු...උන්වහන්සේලා මේ විශේෂ ලිපිය මගින් පොලොන්නරැ ජනතාව වෙනුවෙන්ය කියලා විශේෂ ඉල්ලීමක් කරලා තිබුණලු...

ඒක තමයි පළාතේ පොහොට්ටු නායකයා වන සිංහ උන්නැහේට ඉදිරි ආණ්ඩුවේ මහවැලි වැඩකටයුත්ත භාර අංශය පවරන්න කියන එක... හාමුදුරුවරු ඒ ලිපිය දුන්න නිසා ලොකු මහත්තයා ඒක භාරගත්තා. ඊටපස්සේ ආණ්ඩුවේ වගකිවයුත්තො අගමුලත් හොයලා බැලුවා...

එතකොට තමයි දැනගන්න හම්බුණේ පළාතේ හාමුදුරැවරැන්ට එහේ දේශපාලන ලොක්කගෙන් ඉල්ලීමක් ලැබුණලු විශේෂ ලිපියකට අත්සන් කරන්න උන්වහන්සේලගේ තනතුරැ නාම ඇතුළත් සීල් එකත් අරන් එන්න කියලා. ඊටපස්සේ නායක හාමුදුරුවරු මේ ඉල්ලීම අනුව සීල් එක ගෙනාවම දේශපාලන ලොක්කගේ කන්තෝරැවේ කෙනෙක් කළින් සකස් කළ මේ ලිපියට අත්සන් අරන් සීල් එක තිබ්බලු. මේ වැඩේට ඇතැම් නායක හිමිවරැන් අසතුටු වුණත් කරන්න දෙයක් නැතිකමට සද්ද නැතුව හිටියා කියලත් දැනගන්න ලැබුණා. කොහොම වුණත් රටේ ලොකු මහත්තයා තමන්ගේ පාලක මණ්ඩලේ හදන්නේ ඒ ඒ අය ඉල්ලන තනතුරැ පවරන්න නෙවෙයි කියලයි තතු දත් අය කියන්නේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00