2020 ජුලි 04 වන සෙනසුරාදා

අප්පොච්චිට ලොකු තැනක්

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1190

අප්පොච්චිගේ ඡන්ද කැම්පේන් එකට කෑලි අහුලන්න එක පුතෙක් පහුගිය කාලේ හැමතැනටම ඇමතුම්ලු. ක්‍රියේටිව් වැඩ කරන හැමෝටම කතා කරලා එක එක කෑලි අහුලනවලු. පුතෙක් හැටියට මේ කොලුවා අප්පොච්චි වෙනුවෙන් නැහෙනවලු.

හැබැයි සමහර ක්‍රියේටිව් කස්ටියට කතාකළාට තාත්තගේ නම කිව්වට නම දන්නේ නෑලු. අහවලාගේ පුතා කියලා කියලත් අනෙක් අතට අහනවලු ඒ කවුද කියලා. මේක දැනගෙන කරනවද නොදැන කරනවද දන්නේ නෑ. හැබැයි කොල්ලා අනන්‍යතාවය හෙළිකරන්න ඈලි මෑලි වෙන්නෙත් නෑ.

තාත්තගේ නම කියලා දන්නේ නෑ කිව්වම අනේ අර අප්පොච්චි මළානේ අනේ කියලා දැන් කොල්ලත් කියන්න හුරැවෙලාලු. ඒක අර නමටත් වඩා ජනප්‍රිය නිසා ආහ් උන්නැහේගේ පුතානේ* කියලා එහා පැත්තේ අය අඳුර ගන්නවලු. දැන් ගොඩක් අය මෙයාගෙන නම ෆෝන් එකේ දාන් ඉන්නෙත් අප්පොච්චි මළාගේ පුතා කියලා. සමහර අය ඒ.එම්. පුතා කියලත් දාගෙනලු.