2020 ජුනි 27 වන සෙනසුරාදා

ලොකු පුටු දෙකක හැප්පිල්ලක්

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 561

ලංකාවෙ තියන ලොකුම අධිකාරියක සභාපති තැනයි විෂය භාර ඇමැති තැනයි අතරේ ගෝරියක් පටන් අරන්ලු.

මේ ආයතනය විශාල වශයෙන් බිස්නස් එහෙම තියන කොළඹ නගරේ මැද මුහුද අයිනේ තියෙන ප්‍රබල ස්ථානයක්..

මොන ආණ්ඩුව ආවත් මෙතන ආපන ශාලාවේ ඉඳලම සිද්ධ වෙන අත යට ගනුදෙනු නවත්තන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. 

මේ ආණ්ඩුව ආවට පස්සේ මෙතන මහ පුටුවට පත්වුණේ අවංකභාවය ගැන නමක් තිබෙන එක්තරා රණවිරුවෙක්. ඒත් ඉතින් දේශපාලනේ එක්ක අවංකභාවය පෑහෙන්නෙ හරිම අඩුවෙන් නිසා දැන් සීතල යුද්ධයක් පටන් අරන්ලු...

මේ සභාපති තැන එක්ක එතන ඉන්න හෙන්චයියලට දේශපාලන ජරමර කරන්න බැරි නිසයි මේ හුටපටේ පටන් අරන් තියෙන්නේ...

කොහොම නමුත් රටේ ඉහළම කන්තෝරුවේ ආශිර්වාදය මේ සභාපති තැනට තියෙන නිසා උන්නැහේ ලේසියෙන් හොල්ලන්න පුළුවන් පොරක්නම් නෙවෙයි. කොහොම නමුත් ඉදිරි මහ ඡන්දෙන් පස්සේ කැබිනට් කුට්ටම අලුතෙන් අනනකොට මේ වගේ සමහර පට්ටම් වෙනස් වෙයි කියලයි ආරංචි.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00