2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

බල්ලො ඇල්ලීම

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 676

අයාලෙ යන බල්ලො ආණ්ඩුවෙන් අල්ලලා බලු ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕන කියල එක්තරා ඇමැති භවතෙක් කල්පනා කළා...

ඊටපස්සෙ පළාත්වල පාලනය භාර උන්නැහේ මේ වැඩේ කරන්න රටේ ඉන්න සුනඛයො ගැන පොඩි සංගණනයකුත් කළාලු... පස්සෙ මේ කටයුත්තෙ බරපතළකම තේරැම් අරන් ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලේකට මේකට අදාළ යෝජනාව ලිඛිතවම ලබාදුන්න කියල ආරංචියි...

ආණ්ඩුව අයාලෙ යන බල්ලො අල්ලන්න ඕන කියන යෝජනාව අදාළ මණ්ඩලේ සාකච්ඡාවට ගත්තම වයඹින් ආපු කලාබර ඇමැති සයිස් මහත්තයෙක් හයියෙන් හිනාවෙලා කිව්වලු... ඔය වැඩේ නම් හොඳ වැඩක්... හැබැයි ඉතින් ඉස්සෙල්ලම අයාලෙ යන සතෙක්  හැටියට අල්ලන්න වෙන්නෙත් අහවලාම තමයිකියලා...

කලාබර ඇමැතිගෙ කතාවට හැමෝම කැකිරි පලන්න වුණා... අයාල බල්ලො ඇල්ලීමෙ යෝජනාව ඒ එක්කම ඉවර වුණාලු... කලාබර ඇමැති කියපු අහවලා පුපුර පුපුර කැබිනට් පේපරේ පයිල් එකේ දාගත්තලු.