2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

සටනේ ප්‍රතිඵලය

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 538

අද වෙනවය කියන හෙට නැහැයි කියන ඇමැති සං‍ශෝධනය වෙනකම් කියන්න බැහැ කියල දැන් දැන් හුඟක් අය කියනව...

නමුත් දේශපාලකතුමන්ලගෙ ඒ ගැන තියන උනන්දුව නම් අඩුවෙලා නැතිලු... අමරවීර උන්නැහේට වෙනත් ඇමැතිකමක් දෙනවය කියල රටේ ලොකු මහත්තයම කිව්ව නිසයි තවමත් කට්ටිය බලාපොරොත්තු අත් ඇරල නැත්තෙ. බලාපොරොත්තු විතරක් නෙවෙයි...  සමහර ජ්‍යෙෂ්ඨ කට්ටිය තමන්ගෙ පට්ටම් මාරැකරල දෙන්න කියලත් ඉල්ලල... එච්චර විතරක් නෙවේ පුටු පාටියෙ ඉහළම තනතුරු දෙකක් දරන දෙන්නෙක් එකම පට්ටමකට සටන් කරන්නත් පටන් අරන්ලු.

රජරට හා රැහුණ පළාත් දෙකෙන් කැබිනට්ටුවට ආපු මේ ප්‍රබලයො දෙන්න දැන් දරන විෂය වෙනුවට මහා මාර්ගෙට බහින්නලු දත කන්නෙ... ඉස්සරහට ලොකුම වැඩ හිටින තැනක් නිසා දැනට අලි පාටිය සතු මේ පට්ටම ලබාගන්නලු සීතල යුද්දෙ ඇතිවෙලා තියෙන්නෙ... යුද්දෙ කොයිතරම් ප්‍රබලද කියනව නම් මේ දෙන්න මූණ බලන්නෙත් නැති මට්ටමට තත්ත්වෙ බරපතළ වෙලා කියල කියනව...

මේ සටන ඉහළටත් වාර්තාවෙලා. රජරට &නායකයයි* රැහුණෙ වීරයයි අතර ඇතිවුණ සටන නිසා දැන් ඉහළ තැන් කල්පනා කරන්නෙ මේ පට්ටම දෙන්නටම නොදී වෙන වැඩක් කරන්න කියල ඉහළම මන්දිරේකින් වාර්තා වුණා.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00