2020 ජුනි 20 වන සෙනසුරාදා

හිතලා බලලා ගත්තු තීන්දුවක්

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 574

මෙච්චර කල් සජීතුමා එක්ක සැට්වෙලා හිටපු මංගල උන්නැහේ එකපාරටම ටෙලිෆෝන් එකෙන් අයින් වුණා. එහෙම අයින් වෙන්න හේතු වුණේ සමගි බලවේගෙ ලොකු කස්ටිය දෙන්නෙක් සජීතුමාත් එක්ක මංගල උන්නැහේට දොස් පරොස් කීම බවයි ආරංචි.

පසුගිය දවස්වල හාමුදුරැවරැන් ගැන මංගලතුමා කියාපු දේවල් තවදුරටත් කරන්න බැහැ කියලා සජීතුමත් එතුමා එක්ක ඉන්න අනිත් දෙන්නත් මංගලතුමාට කිව්වලු.

මහා සංඝරත්නයට චීවරධාරීන් කීම වරදක් යැයි කියලත් පෙන්වා දුන්නා. ඒත් මංගලතුමා ඒක පිළිගත්තෙ නැහැ. උන්නැහේ කිව්වෙ මම වීචරධාරීන් කියන්නෙ හාමුදුරුවරුන්ට නෙවෙයි වීවරධාරීන්ට පමණක් බවයි. ඒත් ඒක පිළිනොගත්ත සජීතුමාලා එක්ක වාදෙක පැටළුණු මංගලතුමා අන්තිමට මම යූ.ඇන්.පී. කාරයෙක්. හැබැයි මට මහින්දගේ ඩුප්ලිකේට් එකක් වෙන්න බැහැ කියලත් කිව්වා.

මේ කතාවෙන් දවස් දෙකකට පස්සෙ මංගලතුමා ඡන්දය ඉල්ලීමෙන් ඉවත් වුණා.

උන්නැහේ තමන්ගෙ තීන්දුව අරන් සජීතුමා හමුවුණාම අනේ යන්න එපා තව ටිකක් හිතලා බලන්න කියලා ආරාධනා කළත් &මම මේ තීන්දුව ගත්තෙ හිතල බලල තමයි කියූ මංගලතුමා යන්න ගියාලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00