2020 මැයි 16 වන සෙනසුරාදා

රූපසුන්දර කරන වියදම රටේ බිලට

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1144

තමන්ගෙ රූපෙ ලස්සන කරගන්න ආණ්ඩුවෙන් සල්ලි වියදම් කරන නෝනා මහත්තයෙක් අපේ තානාපති අංශෙ ඉන්නවලු. එයා මෙහෙම රෑපෙ ලස්සන කරගන්න කරන වියදම් විෂය භාර අමාත්‍යංශයෙ ඉහළම කෙනෙකුගේ අනුග්‍රහයෙන් අනුමත කරගන්නත් මේ නෝන දක්ෂලු.

රටවල් තුන හතරක තානාපති අංශෙ ඉහළම පට්ටම් දැරූ මේ බවලත් ඇත්ති දැන් ඉන්නෙ බොහොම බලවත් රටක. ඉතින් පසුගියදා මෙයාලගෙ අමාත්‍යංශ විය හියදම් ගැන කතා කරන්න තිබුණ රැස්වීමකදී විෂය භාර දේශපාලන ලොක්ක ඉස්සරහා මේ රූප සුන්දරීගෙ වියහියදම් කතාව මතුකළේ අමාත්‍යංශයේම ඉන්න සල්ලිවලට වග කියනා උන්නැහේ කෙනෙක්.

එයා කියන විදියට මේ නෝනගෙ රූපලාවණ්‍ය සැත්කම් සඳහා යැංකි රටට ගිය ගමන් ගණනකට රටේ සල්ලිවලින් වියදම් කරපු ප්‍රමාණය රුපියල් කෝටි ගණනක්. එයාගේ ඇසකට ප්‍රතිකාර ගන්න කියලලු සල්ලි අනුමත කරලා තිබෙන්නෙ. ඒ ගෙවීම් අනුමත කරන්න නැති බලයක් උපයෝගී කරගෙන වැඩකරපු අමාත්‍යංශ ලොක්කෙක් ඉදිරිපිට මේ කතාව හෙළිදරව් වුණාම ඒ වගකිවයුත්තා නිහඬව බිම බලාගෙන හිටියලු.

ඒත් මේ ගැන සියලු තොරතුරු දැන් ආණ්ඩුවෙ ලොකුම කන්තෝරුවකටත් වාර්තා වෙලා. ඊට පස්සෙ තීන්දු කළේ මහඡන්දෙ හමාර වූ සැණින් මේ පුටුවට අලුත් මුහුණක් ගේන්නලු. ඒ එක්කම මේ විදේශ අංසෙ ප්‍රබලයා කැන්ගරු රට පැත්තෙ තානාපති පුටුවක වාඩි කරවන්න සූදානම් බවත් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00