2020 මැයි 16 වන සෙනසුරාදා

ටිකට් කැපෙන්න යන අය

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1138

ආණ්ඩුවේ ලොකු ලොකු පුටු පෙරළෙන්න පටන් අරන්.... නොවැම්බරේ බලයට ආපු මේ ආණ්ඩුවෙ ලොකු පුටුවලට පත්කරපු සමහර උදවියගෙ ටිකට් කැපුණෙ එයාලගෙන් බලාපොරොත්තු වුණ වැඩේ හරියට නොකෙරුණ නිසාලු.

මුලින්ම මේ කතුරට අහුවුණේ ලේකම් මට්ටමේ හත් අට දෙනෙක්. මහ ඡන්දෙන් පස්සෙ තවත් හත් අට දෙනෙකුට මේ විදියට ටිකට් එක ඇදෙන්නලු යන්නෙ...

අපට ආරංචි විදියට මහ ඡන්දෙන් පස්සෙ ටිකට් කැපෙන්න යන්නෙ රාජ්‍ය සංස්ථා, මණ්ඩල, මූල්‍ය ආයතන වගේ තැන්වල කස්ටියකගෙලු.

කොරෝනා ලෙඩේ මර්දනේ කරන වෙලාවෙ ආණ්ඩුව ජනතාවට සහ බිස්නස් කස්ටියට ලබාදෙන්න නියම කරපු සහන ලබා නොදී කකුලෙන් ඇදපු ආයතන ලොක්කො ගණනාවක් දැනටමත් හඳුනාගෙනලු ඉන්නෙ...

මේ අය අතරෙ බොහොම ප්‍රබල ආයතනවල ප්‍රසිද්ධ නම් තියෙන අයත් දෙතුන් දෙනෙක් ඉන්න බව ආරංචියි. හැබැයි මේ දවස්වල සමාජ ජාලාවල නම් කියැවෙන සමහර ලේකම්වරු නම් ඔය කියන ලැයිස්තුවෙ නැති බව තතුදත් ආරංචි මාර්ග කියනවා....