2020 මැයි 16 වන සෙනසුරාදා

එකට එක කිරීම

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 805

පුංචි දාසගේ ටීම් එක ගැන මේ දවස්වල ප්‍රචාර බොහොමයි. ඒ අය කරපු එක එක වැඩ ගැන වගේම අද හෙටම එයාලා ආයේ අලි පාටියට එනවා කියලත් මේ කතා අතර ප්‍රචාරය වෙන බවයි ආරංචිය.

මුහුණු පොතේ එහා මෙහා වෙන මේ කතා දැකපු ගොඩක් දෙනෙක් පුංචි දාසගේ ටීම් එකට කතා කරලා අහනවලු. එයාලගේ ඡන්ද දායකයොත් හිතාගන්න බැරි තරම් අවුල් ගිහින්ලු මේ ගොසිප් නිසා.

කොහොම හරි මේ ගැන පුංචිදාසගේ කස්ටියත් රහස් පොලිස් වැඩක් කරලා හොයලා බැලුවලු. එතකොට මේ වැඩේ පිටිපස්සේ ලොකු කෙනෙක් ඉන්නවා කියලා හෙළිවුණාලු. ඒ දකුණේ පැත්තේ හිටිය යහපාලන හිටපු ඇමැති කෙනෙක්ලු. 

මෙයා එජාපයේ ලොකු චරිතයක් නිසා ලොකු තැනගේ හිතගන්න මේ වගේ දේවල් කොල්ලො කුරැට්ටෝ ටිකක් දම්මලා කරනවලු. කෝම හරි මේක ආරංචි වෙච්චි පුංචිදාසගේ කට්ටියත් මේ වෙනකොට ඒකට ප්‍රතිචාර දක්වන්න පටන් අරන්ලු. ඒ අරයට විතරක් නෙමෙයි හැමෝටමලු. දැන් මඩ වැස්සක් වෙලාලු තියෙන්නේ...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00