2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

මේ පළමු වැනියලු

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 1230

කොළඹ නගරෙ තියන එක්තරා සභාවකට ඊයේ පෙරේදා එක්ව ආ එක්තරා ලොකු නෝන මහත්තයකුට ජනතාවත් නිලධාරිත් අරහං කියලා ආරංචියි.

ආණ්ඩුවෙ සභාවක් වුණත් ඒ සභාවෙ මැම්බර්ලටවත් මේ නෝනා මුණගැසීම අති දුෂ්කර කටයුත්තක්ලු... සමහර දවස්වල පැය ගණන් රස්තියාදු කර හමුවුණාම ලැබෙන්නෙ විනාඩි 2යිලු. නිලධාරින්ට නම් විනාඩි 5යිලු ලැබෙන්නෙ. එයා ආණ්ඩුවට සම්බන්ධ එක්තරා සංවිධානයක් නියෝජනය කරන නිසා බලවත් බවලත් කෙනෙක් වගටයි ආරංචිය යන්නෙ.

මේ දවස්වල එතුමිය තමන්ගේ දුරකතනද පසෙක තබා ඊට පිළිතුරු දීමෙන් වැළකී සිටින වගත් ඒ සභාවේ සමහර මැම්බර්වරු කියන්න පටන් අරන්.. කොහොම නමුත් එයා දැන් තමන්ගෙ කන්තෝරුව නම් ප්‍රතිසංස්කරණය පටන් අරන්ලු. මේ බලවත් නෝනා ගැන එතන පැරණි උදවියගෙන් ඇහුවම කියන්නෙ මෙවැනි කෙනෙක් ඉතිහාසයේ කවදාවත් පැමිණ නැත කියලලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00