2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ස්වාධීන වෙනවලු!

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 1239

මුන්නැහේ හිටපු රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙක්... දකුණෙ පොරක්.. කාලයක් රටේ මාතෘකාවක් වෙච්ච චරිතයක්... කොහොමහරි උන්නැහේ කියන්නෙ.. තමන්ට මොළේ තිබෙන බව වෛද්‍ය පරීක්ෂණ මගින්ම ඔප්පු කරලා තිබෙන වගයි...
නමුත් අවාසනාවකට එයාට මේ පාර ඡන්දෙට ටිකට්එක ලැබුණෙ නැහැ... ඒ තීන්දුව රටේ ඉහළම තැන්වලින් ගත්තා මීට මාස තුනකටත් කලින්ලු...

තමන්ගෙ ටිකට් කැපුණු බව දැනගත්ත උන්නැහේ හොඳට ඇඟපත රත් කරගෙන බත්තරමුල්ල පැත්තෙ පොහොට්ටු කන්තෝරුවට ආවලු.
ඇවිල්ලා පොඩි සද්දයක් කාරිය දැම්මට කවුරුත් ගණන් ගත්තෙ නැතිලු...

ඊට පස්සෙ නිශ්ශබ්දව උදේ ඉඳලා දවසම වාඩිවෙලා හිටියලු... නාමයෝජනා ලැබෙනකම් නොයමි කියල..
ඔන්න එදා දවස ගෙවිලා රෑ වුණා.. කන්තෝරැවෙ හුඟදෙනෙක් ගෙවල් දොරවල්වලට යන්න පටන් ගත්තා.
ඒ වෙලාවෙ එළියට ආපු පාටියෙ ලොකුම තනතුරක් දරන කෙනෙක් උන්නැහේට මෙහෙම කිව්වලු...

“මහත්තයෝ ඔබතුමා දවසම නොවෙයි සුමානෙම වාඩිවෙලා හිටියත් අපෙන් නාම යෝජනා නම් ලැබෙන්නෙ නැහැ. ඒ හින්ද දැන්වත් යන්න..
ඊට පස්සෙ කෙන්තියෙන් නැගී හිටපු දකුණෙ දැවැන්තය මම ස්වාධීන කණ්ඩායමක් දානව කියමින් ගෝරනාඩු කර යන්න ගියාලු...