2020 මාර්තු 14 වන සෙනසුරාදා

ඡන්දෙට කලින් වීසා පෝලිමක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 942

දියවන්නා කවුන්සිලේ විසුරැවා හරින්න කලින් සතියෙ දියවන්නාව පැත්තෙ නොයෙක් නොයෙක් කලබගෑනි සිද්ධ වුණාලු.

කවුන්සිලේ මැම්බර්කම් කරපු මැති ඇමැති කස්ටියගෙන් පනහක් විතර එකපාරටම විදේශගතවෙන්න වීසා ඉල්ලුවා කියලයි අපට ආරංචි වුණේ...

මෙයින් වැඩි හරිය අලි පාටියෙ කස්ටියලු... ඒ වගේම පොහොට්ටු කස්ටියත් උතුරු නැගෙනහිර කස්ටියත් එකතු කළාම රට යන්න වීසා ගන්න ලියුම් ගත්ත ගණන පනහකට කිට්ටුයි...

සාමාන්‍යයෙන් ඡන්දෙ කාලෙක මහජන නියෝජිතයො විදේශ ගතවෙන්නෙ ඉතාමත් කලාතුරකින්... අනික මේ රට වීසා ගන්න ලියුම් ඉල්ලපු හුඟ දෙනෙක් වීසා ගන්න බව කියලා තිබුණෙ මේ දවස්වල කොරෝනා කේස් නිසා ජරමරවලට මුහුණදීලා ඉන්න ජපන් රටටයි. 

පෙබරවාරි අන්තිම දවස්වල සති කිහිපයකට ඒ රටට යන බවයි වීසා ලියුම් ඉල්ලපු උදවිය දියවන්නා කන්තෝරැවට දන්වලා තිබුණෙත්. කවුන්සිල් කස්ටිය මෙහෙම රට යනකොට අලාබෙට දුවන අපේ ගුවන් සේවයෙන් ටිකට් ලැබෙන්නෙත් ඉතාම සහන මිලටයි.. ඒ වුණත් තවත් වරප්‍රසාද ගණනාවක් තියෙන නිසා අන්තිම දවසෙ හරි වීසා ලබාගන්න මෙයාල කටයුතු කළා කියලත් සමහරැ කියනවා.