2020 මාර්තු 14 වන සෙනසුරාදා

ඡන්දෙන් පස්සෙ කරණම්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 938

අත පාටියයි, පොහොට්ටුවයි අතරෙ දිස්තිරික්ක ගණනාවක මනාප ගෝරි පටන් අරන් සැරෙටම යනවා... දෙපැත්තෙම කස්ටිය එකිනෙකාට චෝදනා කරගන්නවා මිසක් ප්‍රශ්නය විසඳගන්න පාටකුත් පේන්න නැහැ...

ඒ කතා කොහොම වෙතත් අත පාටියෙ ඉන්න දෙතුන් දෙනෙක් නම් කිසිම ආරවුලක් අරෝවක් නැතුව තම තමන්ගෙ දිස්තිරික්කවල ඡන්ද වැඩ කරගෙන යන්නෙ බොහොම සහයෝගයෙන්ලු.

ඒකට හේතුව තවත් දේශපාලන රහසක් බව සමහරැ කියනවා අපට ඇහුණා. තව ටිකක් ඒ ගැන විපරම් කරලා බලනකොට දැනගන්න ලැබුණෙ මේ දෙන්නටම මහ ඡන්දෙන් දියවන්නා කවුන්සිලේට සළුවෙන්න පුළුවන් කියලයි. ඊටපස්සෙ දෙන්නම අත පාටිය අතහැරලා පොහොට්ටුව සරණ යන්නට දැනටමත් අඩිතාලම දාගෙන ඉහළ තැන් එක්ක කතාබහ කරලත් ඉවරයි කියලා ආරංචි...

මේ කියන දෙන්නම අත පාටියෙ ප්‍රබලම චරිත දෙකක්. එක්කෙනෙක් ඈත රුහුණු පළාතෙන් ආපු ලේකම් පට්ටමකුත් දරන වීරයෙක්ලු... අනෙක් උන්නැහේ ඌව පළාතෙ %නිර්මල^ දේශපාලනේක යෙදෙන පරණ පොරක් කියලයි කියවෙන්නෙ...

ඡන්දෙන් පස්සෙ මේ අයගෙ කරණම් බලාගන්න පුළුවන් යැයි සමහර පොහොට්ටු කස්ටිය දැනටමත් කසු කුසු ගාන්න පටන් අරන්.