2020 මාර්තු 14 වන සෙනසුරාදා

අමුතු ව්‍යවස්ථා වැඩක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 858

නීතියයි - ප්‍රේමයයි එකට ක්‍රියාත්මක වෙන සබ්ජෙක්ට් දෙකක් නෙවෙයි... ඒ වගේම ව්‍යවස්ථා සම්පාදනයයි ප්‍රේමයයි කොහොමවත් එකට කිට්ටු කරන්නම බැහැ...

නමුත් දියවන්නා කවුන්සිලේ පැත්තෙන් ඇහෙන එක්තරා කතාවක ව්‍යවස්ථා කන්තෝරැවක හටගෙන තිබෙන නොනවතින ප්‍රේමයක් ගැන සූ ගාලා ආරංචි පැතිරෙන්න පටන් අරන්...

මේ වැඩේ ගැන කියවෙනකොට මුලින්ම ඇහෙන නම අයිති ඔය කවුන්සිලේ කන්තෝරැවෙ ඉන්න එක්තරා ආරච්චි කෙනෙක්ටලු... ආරච්චි කිව්වට පියුන් මහත්තයෙක් නම් නෙවෙයි.. අද්-යක්ෂ මට්ටමේ පොරක්ලු...

ඉතින් මේ අමුතු ව්‍යවස්ථා වැඩේ සෑහෙන්න දුරදිග ගිහිල්ල නිසා උන්නැහේලට ව්‍යවස්ථා සම්පාදනේට වෙලාවක් නැති තරම් කියලා තොරතුරැ දන්න කස්ටිය කියනවා...

කොහොම නමුත් මේ ප්‍රශ්නය විසඳගන්න අද හෙටම ව්‍යවස්ථා කන්තෝරැවෙ දෙතුන් දෙනකුටත් ලලනා රත්නයකටත් තැන් මාරැවෙන්න සිද්ධවෙයි කියලා ඉහළ තැන්වලින් ආරංචියි. එහෙම නොවුණොත් ව්‍යවස්ථා කන්තෝරුව අවුලෙන් යන්න පුළුවන් කියලා තතු දත් අයගෙ සාත්තරවලින් කියවෙනවා...