2020 මාර්තු 07 වන සෙනසුරාදා

උත්සාහය වතුරෙ

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 842
සජී තුමාලගෙ සන්ධානෙ කස්ටියක් එයාලගෙ දේශපාලන ගමනට උතුරු සන්ධානෙනුත් සපෝට් එකක් ඉල්ලලා... හැබැයි ඒ සපෝට් එක ගන්න ගියේ එකට ඡන්ද කොරන්න නෙවෙයි...
උතුරු සන්ධානෙ ‘තිරන්’ මන්තිරිතුමාලට මේ වැඩේ කර ගන්න කොක්ක ගැහුවෙ සමගි බලවේගෙ ඉන්න ලිබරල් කණ්ඩායමේ ලොක්කො දෙතුන් දෙනෙක්ලු... මේ අයට හරියටම දැනගන්න ඕන වුණේ උතුරු සන්ධානෙ කස්ටිය කලින් කියූ විදියට කොළඹ පැත්තටත් තරගෙට එනවද කියන ප්‍රශ්නයට උත්තරේකුයි. එයාල කොළඹට එනව නම් අලි පාටියට හරි සජී තුමාගෙ බලවේගෙට හරි වැටෙන්න තියෙන සමහර ඡන්ද නොලැබී යාමේ අනතුරක් තියෙන හින්දලු මේ විදියට විපරමක් කළේ.
උතුරු සන්ධානෙ කස්ටිය කලින් ඉඳලම ප්ලෑන් කළේ කොළඹට තරග කරනවා නම් ඉහළම පෙළේ නීති විශාරද ‘ඊශ්වරයෙක්’ සටනට දාන්නලු... කොහොම නමුත් සජී තුමාලගෙ අලුත් සන්ධානෙ කස්ටිය ඉල්ලපු සපෝට් එක ඒ අයට දෙන්න බැහැ කියන රතු එළිය උතුරෙ කස්ටිය දල්වලා කියලයි ආරංචි. ඒකට හේතුව උතුරේ ප්‍රශ්නය ගැන සජී පිලේ ප්‍රතිපත්තිය තවම ප්‍රකාශ නොකිරීම කියලයි කියැවෙන්නෙ. මේ බව ‘තිරන්’ මන්ත්‍රී තැන කෙළින්ම කියපු බව තතු දත් අය දන්නවා.
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00