2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

අයියා වෙනුවට මල්ලී

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 1230

ජනප්‍රිය ක්‍රිකට් තරුවලට සිනමා තරැවලට දේශපාලන වේදිකාවෙ හොඳු ඉල්ලුමක් තිබෙනවා... ඒ හින්ද ඉදිරි මහ ඡන්දෙට මේ දෙවර්ගයෙන්ම කස්ටිය ගණනාවක් එන්න ලෑස්ති බවයි ආරංචි...

පසුගිය කාලෙ, රටේ ලොකු මහත්තයගෙ වියත් සංගමේ වැඩවලට ආපු අපේ රටේ දඟපන්දු වැඩකරුට වතුකරෙන් මහ පුටු සටනට එන්න කියලා ආරාධනා ගොඩක් ආව...

ඒත් උන්නැහේගෙ ගෙදරින් ආපු බරබරේ නිසා එයා හිටියෙ වැට උඩ. ඒත් දැන් ඡන්දෙ කට උඩ නිසා එයාට තීන්දුවක් ගන්න වෙලා..

අන්තිමේදී එයා තීන්දු කළේ තමන් ඡන්ද සටන මෙහෙයවන්නත් තමන්ගෙ මලය සටනට ඉදිරිපත් කොරන්නත්ලු. ඒ අනුව අයිය වෙනුවට මල්ලි වැඩපිළිවෙළ දැන් වතුකරේ දියත් වෙලා.

එයාල පළාතෙ ඉන්න තරැණ කස්ටියට කතා කරමින් සමාජ සේවා මට්ටමින් ඡන්ද කෙරැවාව පටන් අරන්.

හැබැයි මේ වැඩේට වතුකරේට දැනට අරක්ගෙන ඉන්න මැති ඇමැති ලොක්කො කොකු පිට කොකු දානවලු. ඒත් ජනතාව දඟපන්දු වැඩකරැට සෑහෙන්න මනාප නිසා වෙනසකට පාර කැපෙමින් තිබෙන බවයි තතු දත් අයගෙ මගේ.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00