2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

තනතුර අනතුරේ වැටෙන වැඩක්

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 618

ආණ්ඩුවේ උසස් තනතුරුවලට පත් කිරීමේදී එක් එක් අය ලව්ව තමන්ගෙන් ඉල්ලීම් කරන්න. බලපෑම් කරන්න ආවොත් එයාට කොහොමවත් ඒ තනතුර හිමි නොවන බව රටේ ලොකු මහත්තයා ඊයේ පෙරේදා කිව්වා..

උන්නැහේ එහෙම කිව්වෙ ආණ්ඩුවෙ ඉහළම ආයතනයකට පත්වූ සභාපති වරයකුට බවයි ආරංචි. තමන් ඇතුළු ආණ්ඩුවෙ රජයේ ඉහළ පුටුවලට සුදුස්සන් තෝරා ගන්නේ විධිමත් ක්‍රමයකට නිසා විශේෂයෙන්ම ආගමික නායකයො වගේ සමාජයේ උසස් පිළිගැනීමක් තිබෙන අය ලව්වා තනතුරු ගැන තමන්ට කතා කරවන්න නම් එපා කියලයි ලොකු මහත්තයා කියලා තිබෙන්නෙ... තනතුරු ලැබෙන්නේ කැන්වසීන් කරන අයට නොව සැබෑ සුදුස්සන්ට බව කියූ ලොකු මහත්තයා අධ්‍යාපන හා දේශපාලන සුදුසුකම් දෙකම මෙහිදී වැදගත් බවත් කිව්වලු. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00