2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

වර්ණනාවට ඇත්ත හේතුව

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 561

පහුගිය කාලෙ ආණ්ඩුවට බැණ බැණ හිටපු වතුකර ලොක්කෙක් එක පාරටම ආණ්ඩුවටත් ආණ්ඩුවෙ ලොක්කටත් හොඳ කියන්න පටන් අරන්...

මේ කතාව මුලින් එනකොට සමහරු හිතුවෙ එයාලා සන්ධානගත වෙලා ඉන්න අලි පාටියෙ අර්බුද ඉවරයක් නැති නිසා ඒ ගොල්ලො ආණ්ඩුවට කොක්කක් ගහන්න යනවය කියලා... ඒත් තතු දත් අය කාරණා කාරණා හොයාගෙන යනකොට ආරංචි වුණේ මේ වතුකර නායකයට එකපාරටම ආණ්ඩුව හොඳ වුණේ වෙන කේස් එකක් නිසා කියලයි ආන්දෝලනේට ලක්වෙච්ච රාජගිරියෙ කෘෂි මන්දිරේ වගේම මන්දිරයක් මෙයත් රාජ්‍ය ඇමැති කෙනෙක් හැටියට කුලියට අරන් තිබුණලු.

කොළඹ ධර්මපාල මාවත පැත්තෙ තිබුණ මේ මන්දිරේටත් මාසෙකට ලක්ෂ 200ක් විතර කුලී ගෙවලලු... ඒක කරල තිබෙන්නෙ ආණ්ඩුවෙ හරි හමන් අනුමැතියකින් තොරවලු... ලොකු ඇඩ්වාන්ස් එකකුත් දීලා තියවලු...

මේකේ සම්පූර්ණ ගනුදෙනුව ගත්තම රැපියල් කෝටි මහ විසාලා ගණනක් කියලා ආණ්ඩුවට පැමිණිලි ගණනක් ලැබිලා...

දැන් අපරාධ විමර්ශන කස්ටියයි.. ඔඩිට් කස්ටියයි. මේක සොයන්න පටන් අරන්. ඒක දැනගත්ත වතුකර දේශපාලන ලොක්ක බැණ බැණ හිටපු කටින් දැන් ආණ්ඩුවට හොඳ කියනවලු...

මේ ගැන ඇත්ත කතාව දන්න අය කියන විදියට දැන් මේක රාධා - ක්‍රිෂ්ණා පෙම්පුවත වගේ ඇයි හොඳයියක් කරගන්නලු මේ වතුකර ලොක්ක දැන් දත කන්නේ.