2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

සන්ධානෙටත් ගේමක්

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 516

අලිපාටියේ අලුත් සන්ධානයට අලිපාටියේ සමහරු ගෙඩි පිටින්ම එකතු වෙන්නලු හදන්නේ. එහෙම ගිහින් ඒ සන්ධානය පක්ෂය කරගන්නලු යන්නේ. මේක අලිපාටියේ ලොක්කන්ට ආරංචි වෙලාලු. ඒ නිසා එයාගේ ගෝලයෝ කතා කරලා කියනවලු "පක්ෂය කඩන් ගිය කාටත් හරි ගියේ නෑ" කියලා. ඒ නිසා එයාලා එක්ක ඉන්න පක්ෂයක් හැටියට සන්ධානයට යමු කියලා. පුංචිදාස උන්නැහේගේ හිතවත් මන්තිරිගොල්ලට මේ කතාව කියන්නේ උන්නැහේ එක්ක ඊයේ පෙරේදා වෙනකම් ඉඳලා රනිල්තුමා ළඟට ගිය දේශපාලන වික්‍රමවලට නම් දැරූ කෙනෙක් කියලයි ආරංචි. ඉතින් මේක කොහොම කිව්වත් මේකට යන්න ඉන්න පිරිස නම් වැඩියි කියලයි කියවෙන්නේ.

මේ අතරේ නායකතුමයි පුංචි දාසවයි එකතු කරන්න සටනක් කරන හිටපු ලේකම් හාදයා පසුගිය දවසක නායකතුමාව හම්බුණාලු. ඒ වෙලාවේ නායකතුමා එයාට කිව්වලු එයාගේ පක්ෂය එයා බලාගන්නම් ඔයාලගේ වැඩ ඔයාලා බලාගන්න කියලා. ඒවගේම යම් තැනක ඉන්නවනම් නායකයට එරෙහි වෙන්න එපා කියලත් සිංහලෙන්ම කියලා දුන්නලු එයාට. අන්තිමට හිටපු ලේකම් තැන ආවේ හොඳට අහගෙනලු.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00