2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

කොරෝනා පොල්ලක්

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 446

චීනයෙන් ආපු කොරෝනාවලට සුව කමිටුවක් දැම්මනේ. ඒ කමිටුවට දොස්තර මහත්තයලගේ සංගමයත් ඇවිත් හිටියා. ඒ වෙලාවේ කිව්වා මේ වෛරසය තියෙන අය බලන්න දොස්තර මහත්වරු ඕනේ කියලා ස්වේච්ඡාවෙන්. එහෙම කිව්ව ගමන් දොස්තර සංගමේ මහත්වරු හා අපි දෙන්නම් කිව්වලු. මේ නිසා සුව කමිටුවටත් වැඩේ ලේසි වුණාලු. හැබැයි කිව්ව කිව්වමලු වැඩේ ආවම දොස්තර මහත්වරු බේතකටවත් හොයාගන්නවත් බැරිවුණාලු ඊට පස්සේ. මේ නිසා සුව මණ්ඩලයත් අන්ත අසරණ වුණ බව කියනවා.

කොහොමහරි අන්තිමට සුව ඇමතිනිගේ මැදිහත්වීම මත දොස්තර මහත්වරු කීපදෙනෙක් වැඩේට ආවලු. එහෙම ආවේ ඒ අයගේ කැමැත්තෙන්ලු. දවසක් දොස්තර සංගමයේ මහත්වරැ කියනවලු "ඒ අයට මේකට සහභාගි වෙන්න අවසර දෙනවා" කියලා සංගමයෙන්. ඒක අහපු කට්ටිය උඩ බිම බලනවලු කැමැත්තෙන් ආපු අයට මොකට මෙයාලගේ සංගමෙන් අවසරයක් කියලා.