2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

උන්නැහේ වැඩ පටන් අරන්

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 1201

රජරට පළාතේ එක්තරා රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් දේශපාලන වැඩට බැහැලලු...

උන්නැහේ වැඩ අල්ලන්න පටන් අරන් තියෙන්නේ තමන්ගේ අමාත්‍යංශයේ කන්තෝරුවල ඉන්න බොහෝ පිරිසකට මාරුවීම් ලබා දෙමිනුයි.

මේ විදිහට මාරුවීමේ ලබපු සමහරු අත පාටියේ අය බවත් එයාලා ගිය ඡන්දෙදි ගෝඨා ජනපතිතුමා වෙනුවෙන් වැඩ කළ බවත් කියැවෙනවා.

ඒත් ඒ කිසි දෙයකු ගණන් නොගෙන සිංහයෙක් වගේ වැඩ කරන මේ රාජ්‍ය මට්ටමේ ඇමැතිතුමා විෂය භාරව ඉන්න කැබිනට් මහත්තයා එක්කවත් කතා නොකරලු මේවා කරන්නේ..

පසුගිය ඡන්දෙන් පස්සේ තමන්ට වැලි සම්බන්ධව කැබිනට් පට්ටමක් ඕනමයි කියලා අඳෝනා නගපු මුන්නැහේගේ වැඩ ගැන ඉහළ තැන්වලට පැමිණිලි ගොඩක් ඇවිල්ලය කියලත් ආරංචියි.

ඒවා ගැන විභාග කරලා බලලා සමහරවිට මහ ඡන්දෙන් පස්සේ එයාට ටිකට් එක ඇදෙන්න පුළුවන් කියලා සමහර බලවත් තැන්වල කියැවෙනවා...

රටේ ලොකුම පුටුවක හිටපු කෙනකුන් මෙයාගෙ වැඩ ගැන ඉහළට කරුණු කාරණා දන්නලා බවයි ආරංචි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00