2020 ජනවාරි 11 වන සෙනසුරාදා

තනි ගමනට - බරබරයක්

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 696

උඩරට හුඟක්ම සීතල පළාතක ගිය ආණ්ඩුව නියෝජනේ කළ ප්‍රබල නායක හවුලකින් එන දේශපාලකතුමෙක් ඉන්නව. උන්නැහේල දැන් ඉන්නෙ විපක්ෂයෙ....

මේ සීතල පළාතෙ තියෙන දිස්තිරික්කෙ තියෙන්නෙ වැඩිපුර තේ වතු නිසා වතුකර ජනතා ඡන්දත් බරටම කියනවා. හැබැයි ඒවට වගකියන්න දිගාල-තොණ්ඩල ඉන්න නිසා අලි පාටියයි වතුකර කස්ටියයි එකතුවෙලා තමයි පළාත දිනාගන්නෙ....

ඒ වුණාට මේ පාර වතුකර කස්ටිය නැතුව අලි පාටියෙ උදවිය තනියම ගමනක් යෑම හොඳයි කියලා යෝජනාවක් ඇවිල්ලා. පසුගිය දවස්වල ඒ ගැන අලි පාටියෙ උඩරට දේශපාලන නායකයෙක්ගෙ ගෙදර සාකච්ඡාවකුත් තිබුණලු.

ඔය කතාබහ සිදුවුණේ වතුකර නායකයන්ට හොරෙන් වුණත් වැඩේ සිද්ධවෙලා ටික වෙලාවකින් ඒක දිගාලට දැනගන්න ලැබුණ. කතාව අහපු දිගා ඇතුළු කණ්ඩායම මේ වැඩේ ගැන පරල වෙලා... සීතල යුද්ධයක් ප්‍රකාශ කරලලු. සාකච්ඡාව සංවිධානෙ කරපු අලි පාටි ලොක්කට හිතවත් ගෝලයන්ට කතා කළ දිගා පිලේ අය පුළුවන් නම් කොරල බලමු කියල පාරට්ටු කළ බවයි ආරංචි...

මේ තනි ගමන් කතාව පාටියෙ ඉහළටම ගෙනිහිල්ල වන කරන්නලු දැන් එයාල හදන්නෙ....

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00