2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

වස තර්ජනේ

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 682

තමන්ට ඇමැතිකමක් නොදුන්නොත් වස බීල මැරෙනවය කියපු පොහොට්ටු ලොක්කෙක් ඉන්නවලු...

හිටපු කැබිනට් ඇමැති සයිස් මහත්තයෙක් වන උන්නැහේ මේ රටේ වැඩියෙන්ම සීතල දිස්තිරික්කෙ වල-පනේ පැත්තෙන්ලු ගෙදර යන්නෙ...

උන්නැහේට මේ පාර සිද්ධවුණේ මාර කරුම වැඩක්... හැමදාම වමේ අය දිනන උන්නැහේ නියෝජනය කරන ආසනේ මේ පාර පරාදයි... ඒ වගේම දිස්තිරික්කෙත් පරාදයි...

කොළඹට වෙලා ලොකු තැන්වලට පන්දම පත්තු කොළාට තමන්ගෙ ආසනේ බේරගන්න බැරිවුණ හින්දලු එයාට මේ පාර මුකුත්ම නොලැබුණේ. ඒ වුණාට එයා හිතන් ඉන්නෙ එයාටත් කැබිනට් පට්ටමක් උරැමයි කියලලු... බස්නාහිර පළාතෙ වැඩි ඡන්ද හැට හැත්තෑදාහකින් ආසන දිනාපු සමහර ලොකු ලොකු මහත්තුරැන්ටත් තනතුරැ නැතුව සිටිද්දී පරාජිත නායක උන්නැහේට තනතුරක් දීම කොහොමටවත් කරන්න බැහැ කියලා තීන්දු කළ බව දැනගෙනයි එයා වස තර්ජනේ දාල තියෙන්නෙ.

කොහොම නමුත් එයාගෙ වස කතාවට ඉහළින් ලොකු ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ... හැබැයි වස බිව්වෙත් නැහැ...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00