2017 මාර්තු 18 වන සෙනසුරාදා

ලංසුවක්

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 515

 

උඩරට පළාතෙ... ළඟදි පටන් ගන්න යන එක්ස්ප්‍රස් වැඩකට සම්බන්ධ රට - මෙරට ව්‍යාපාරික පිරිසකට දේශපාලන තක්සේරුවකින් ආරාධනාවක් ලැබුණ වහාම ඇවිත් හම්බුවෙන්න කියලා.

ඒ අනුව මේ ව්‍යාපාරික පිරිස අදාළ කන්තෝරුවෙ පෙනී සිටියා...

ඔන්න ආණ්ඩුවෙ ඉන්න ප්‍රබල දේසපාලකතුමෙක් සම්ප්‍රාප්ත වුණා කියමුකො... ඊළඟට කතාව පටන් ගත්තා.

එයා කිව්වා අපේ බලාපොරොත්තුව හතරක් පහක් කියලා... ඒත් මේ වැඩේ හැටියට ඒක දරාගන්න අමාරු නිසා එකක් දෙකක් නම් ප්‍රශ්නයක් නැහැ කියලා ව්‍යාපාරික කස්ටිය කිව්වලු...

දේසපාලුතුමා ඒකට හොඳටම අප්සෙට්වෙලා... එහෙම බැහැ... මම කිව්ව දේ ගැන හිතන්න කියලා ආයෙම කීවලු...

දැන් මේ ව්‍යාපාරික කස්ටිය එතුමා කිව්ව දේ ගැන හිතනවලු... කොච්චර හිතුවත් ඔය කියන වැඩේ නම් කරගන්න බැහැ කියලලු එයාලගෙ මතේ...