2017 මාර්තු 18 වන සෙනසුරාදා

පින් පොතේ නම ලියැවෙන වැඩක්

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 467

 

පසුගිය කාලෙ මේ රටේ සිද්ධවුණ දේශපාලන වෙනස්කම්වලට ප්‍රබල විදියට දායක වුණ පැවිදි චරිතයක් කියල කීවොත් වරදක් නැහැ...

පසුගිය කාලෙ දේශපාලන පක්ෂ ගණනාවක ඉඳල මෑතක සිට තරමක් අලුත් වැඩකට අත ගහලා ඉන්න කෙනෙක්.. 

තමන් පටු දේශපාලනෙන් තොරයි කියන මේ පැවිදි චරිතය පසුගිය දවසක පුලතිසිපුරේ ඉන්න දේශපාලනේට සම්බන්ධ ලොකු පවුලක ප්‍රබල ව්‍යාපාරික භවතෙක් හම්බුවෙන්න ගියාලු...

උන්නැහේ මුණගැහෙන්න ගියේ ලොකු උදව්වක් ලබාගැනීමේ අරමුණින් කියලත් ආරංචියි. ඊටපස්සෙ උන්වහන්සේ ගරැකටයුතු ලෙස පිළිගත් මේ ව්‍යාපාරික භවතා බලාපොරොත්තු වුණ උදව්ව සිතූ පරිදිම ඉටුකරල පින් පොතේ නම ලියැවෙන ලොකු තෑග්ගකුත් දුන්නලු. මේ තෑග්ග ලැබුණෙ කරන්න යන අහවල් සභාවෙ කටයුතුවලට අවශ්‍ය හයිය ලබාදෙන්න කියලයි ආරංචි...

ඒත් එදා මේ අහල පහළ ගැවසුණු පුලතිසිපුරේ තවත් දේශපාලන භවතෙක්ගෙ සැටලයිට් එකට සුටුස් ගාල මේ ප්‍රවෘත්තිය ලැබිලා ඒක විසිරී පැතිරී ගියාලු...