2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

අතරමංවෙලා!

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 1374

අත පාටිය රැක ගන්නවා කියලා නෝනා එක්ක සටනක් කරපු කළුගංතොට සිංහයා මේ දවස්වල කලකිරීමෙන්ලු. එයාව හම්බ වෙන්න ගිය ගොඩක් අයට කියනවලු ආයේ දේශපාලනයක් කරන්නේ නෑ කියලා. ආයේ ඡන්දය ඉල්ලන්නෙත් නෑ කියලා.

හැබැයි අලි පාටියේ ගොඩක් අය එයාට දැන් අලි පාටියට එන්න කියනවා කියලයි ආරංචිය .ඒත් එයා ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් දීලත් නෑලු. කොහොම වුණත් අද හෙටම මෙයා ප්‍රසිද්ධියේ මෙයාගේ අදහස කියන්නලු යන්නේ. ඒ වගේම මෙයාට අත පාටියේ ලොකු තැනගෙන් චාන්ස් එකකුත් නෑ කියලලු කියන්නේ. එතුමා කියලා තියෙන්නේ පක්ෂයට කැරලි ගැහුව අය අහලකටවත් ගන්න එපා කියලා. අන්තිමට කළුගං කුමාරයා හැමදේම දාලා පැත්තකට වෙයිද කියලා ගොඩක් අය බලන්ලු ඉන්නෙ.