2017 මාර්තු 18 වන සෙනසුරාදා

හෙලිකොප්ටරේ ආසන මදිවෙලා

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 352

 

රටේ ලොකු මහත්තය වැල්ලවාය පැත්තෙ තිබුණ ආණ්ඩුවෙ උත්සවේකට උඩින් යන්න තීන්දු කළා... උන්නැහේ එක්ක ඒ ගමනට එන්න කියල ඇමැතිවරු කාටවත් නිලවශයෙන් කියලා තිබුණෙ නැතිලු. ඒත් ගමන ගැන දැනගත්ත ඉඩං අංසෙ ජෝන්තුමා ලොකු මහත්තය ගුවන් ගතවෙන්න හදද්දි එතෙන්ට සම්ප්‍රාප්ත වුණාලු...

ඒ දෙන්න කතාබහ කරමින් හෙළිකොප්ටරේ එනතුරැ ඉඳෙද්දි අනාරාධිතවම රයිගම පළාතෙ තවත් ඇමැති මහත්තයෙක් සිංහ ගමනින් එතෙන්ට ආවලු...

සර් මාත් එන්නද සර් එක්ක වැල්ලවායට. ඊළඟට පැල්මඩුල්ලෙ ජෝන්තුමාගෙ මළගෙදරත් යන්න පුළුවනි කියලා එයා කිව්වලු...

ලොකු මහත්තයා නළල රැළිකරගෙන අනාරාධිත ඇමැතිතුමාගෙ ඉල්ලීම ගැන කල්පනා කරමින් ඉන්නකොට ආරක්ෂක අංසෙන් කිව්ව මේ යානයෙ යන්න පුළුවන් විශේෂ අමුත්තො දෙන්නටයි කියලා. ලොකු මහත්තය මුකුත් නොකිය බලාගෙන හිටියා. අනාරාධිත ඇමැති තැන පහුගිය දවස්වල අලුත් ඇමැතිකමකටත් නොයෙක් බලපෑම් කළ කෙනෙක් කියලත් කියන එක නිවැරදි...

ඔහොම ඉන්නකොට හෙළිකොප්ටරේ ආව කියමුකො... මුලින්ම ලොකු මහත්තය නැග්ග. ඊළඟට මටත් මළගෙදර යන්න ඕනය කියමින් වත්තල ජෝන්තුමා නැග්ග... හෙළිකොප්ටරේ දොර වැහුවා. ගුවන්ගත වුණා. රයිගම පැත්තෙ සිංහ මහත්තයා ඒ වෙනකොට තමන්ගෙ  නිල රතෙත් හෙලිකොප්ටරේ යන තැනට යවලලු තිබුණෙ... ඒ නිසා වුණේ හරිම අකරතැබ්බයක්. අනේ ඒ පාර එයා නිල රතේ වෙනුවට වෙන රථයක් ගෙන්නගෙන යන්න ගියාලු.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00