2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

දෙබසක්

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 800

අත පාටියේ හයිය මට තමයි තියෙන්නේ කියලා බලය පෙන්නන්න කියලා රැස්වීමක් නෝනයි, කළුගං කුමාරයයි පහුගියදා කොළඹ තිබ්බා. මේකට කට්ටියත් ආවා. ඒ අස්සේ වැඩේ ලොකුවට පෙන්නන්න අලිපාටියේ තරැණ හාදයෙක් මුහුණු පොතේ මේක සජීවීව දුන්නා. ඒ අස්සේ ආපු අයගේ අදහසුත් ගත්තා. මෙහෙම දෙබසක් සජීවීව ගියා.

තරුණයා:- ඔබ කොහෙන්ද?

පාක්ෂිකයා: - අපි කොළඹ

තරුණයා:- අද ඇයි මෙතන්ට ආවේ

පාක්ෂිකයා:- අපේ පක්ෂය මහින්දත් කෑවා මෛත්‍රීත් කෑවා. පක්ෂය බේරගන්න මැඩම් ආවා.

තරුණය:- හැබැයි පක්ෂය මේ පාර සපෝට් කරන්නේ පොහොට්ටුවට

පාක්ෂිකයා:- ඒ කොහෙද අපි දිනන්නේ

තරුණයා:- අපි කියන්නේ

පාක්ෂිකයා:- අලියා

තරුණයා:- ඔයා අත පාටියේ නෙමෙයිද? අලියගෙද?

පාක්ෂිකයා:- අපි මොනවා වුණත් අපේ පක්ෂයට ආදරෙයි...

ටිකක් මත්වෙලා හිටිය උන්දැගේ කතාවෙන් එතන හිටිය අයත් අවුල් ගියා විතරක් නෙමෙයි. ඒ සැ‍ණෙන් වෙන එක්කෙනෙක් පැනලා කතා කළා.