2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

පක්ෂ මාරු ඡන්දයේ අන්තිම සතියට කල් යයි?

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 1095

පක්ෂ මාරු ගැන කතාවෙද්දී පසුගිය සති කිහිපය තිස්සේම ප්‍රචාරය වුණේ නම් දෙකයි... එයින් එක් කෙනෙක් හැමදාම දේශපාලන වසන්තය සොයා යන කෙනෙක්ලු... අනෙක් කෙනා දකුණෙ නායකයෙක්ලු.

දැන් අලුත් චරිත දෙකක් මේ ගොඩට ආයෙම එකතුවෙලා කියලා ආරංචියි....

එක් කෙනෙක් ගම්පහ පැත්තෙන්ලු. එයා පට්ටම්ධාරී උන්නැහේ කෙනෙක් කියනවා. අනෙක සීතල පළාතකින් කවුන්සිලේට ආපු පොරක්. එයා කලක් අත පාටියෙන් ඒ පළාතෙ නගරකෙ ලොකු තනතුරක් කරපු ආණ්ඩුවෙ කටකාරයෙක්. පසුගිය කාලෙ හුඟක් සද්ද බද්ද කළා. ඒ වුණාට දැන් නිහඬයි....

ඒ දෙන්නත් කරණමකට සූදානම් වෙනවය කියල පුංචි තොරතුරක් ලැබුණා. ඊටත් අමතරව ඉදිරි ඡන්දය දිනාගන්න ප්‍රශ්නයක් වෙලා තියෙන කතෝලික බහුතරයක් ඉන්න ඇළක් කිට්ටුව තියෙන පළාතක කෙනෙක් දිගින් දිගටම තමන්ගෙ කලකිරීම ප්‍රකාශ කරන්න පටන් අරන්ලු. එයා කරණම් කතාවක් කියලා නැතත් එයට ආසන්න වෙමින් ඉන්න බවයි තතු දත් අයගෙ මතේ....

හැබැයි මේ කවුරැත් තමන්ගෙ වැඩ පෙන්නන්න ගන්නෙ ඡන්දෙ අන්තිම සුමානෙ බවයි කියැවෙන්නෙ.