2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

වාෂ්ප වූ උපදේශක

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 862

ආණ්ඩුවේ ලොකු තැනට උපදෙස් දෙමින් රටේ මහ කන්තෝරැවේ හිටපු ලොකුම ආර්ථික ලොක්කා ආගිය අතක් නැතිලු.

උන්නැහේ ටික දවසකට රට ගිහිල්ලා එන්නම් කියලලු ගියේ. හැබැයි ගියා ගියාමලු ආයෙමත් එන පාටක් නැහැ කියලයි ආරංචි.

උන්නැහේ බොහොම කාලයක් රට ඉඳලා ලොකු ලොකු තැන්වල වැඩ කරලා රටේ ලොකු මහත්තයට උපදෙස් දෙන්නයි මේ පාර සම්ප්‍රාප්ත වුණේ..

ඊටපස්සේ උන්නැහේ මහ ආර්ථික කවුන්සිලේ ලොක්කා හැටියටත් පත්කළා... එයාගේ උපදෙස් නිතරම ඉහළම කන්තෝරුව අනුගමනය කළා...

කොහොම නමුත් අවාසනාවට රටේ ආර්ථිකේ දිගටම බකල් ගහන්න පටන්ගත්තම ආණ්ඩුවේ ඉහළ තැන්වල දෝෂාරෝපනේ ආවේ උන්නැහේට. ලලිතකලා ගැන දන්න කියන උන්නැහේ ඒ පාර කළේ තමන් දන්න ශිල්පයක් දාලා රටෙන් වාෂ්ප වෙන එකයි.
උන්නැහේ සුපුරැදු ලෙස රට ගියා. ඒ එක්කම ආර්ථිකේ........ ගියා කියලයි දැන් මහ කන්තෝරැවේ අය කියන්නේ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00