2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

අනාගත ඇමැතිට ටිකට් එක ඇදෙයි

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 687

නෙළුම් මලක් අතින් අරන් පුලතිසිපුරේ පැත්තෙ දේශපාලන වැඩ කරන සිංහයෙක් වගේ කවුන්සිල් මැම්බර් කෙනෙක් ඉන්නවා..

උන්නැහේ පසුගියදාක පොහොට්ටුවේ නායකත්වය දරන හිටපු ලොකු තැන මුණගැහිලා තමන්ට මහවැලි කැබිනට් පට්ටම දෙන්න ඕන කියලා ඉල්ලා සිටියා..

ඒ ඉල්ලීම ගැන කේන්ති නොගත් හිටපු ලොකු තැන මහ හඬින් හිනාවෙලා අදහස් පළකිරීමෙන් වැළකුණා කියලයි ආරංචි...

ඒ ඉල්ලීමෙන් පස්සේ ගමට ගිය කවුන්සිල් මැම්බර් මහත්තයා මේ දවස්වල තියන ඡන්ද රුලිවලදී වේදිකාවට ගොඩවෙන්නේ නිවේදකයා අනාගත මහවැලි හා පරිසර ඇමැති කියලා හඳුන්වා දීමෙන් පස්සෙලු...

ඡන්දෙ දිනන්න කළින් මේ විදිහට ඇමැතිකම් බෙදාගෙන සන්තෝස වෙන අයට සන්තෝස වෙන්න ඉඩදීලා හිටපු ලොකු තැන නිහඬව ඉන්නකොට මේ අනාගත ඇමැතිතුමා තමන් ඡන්දෙ ඉල්ලන පළාතේ කරන ඡන්ද ව්‍යාපාරයේදී වැඩියෙන් විවේචනේ කරන්නේ අත පාටියේ ලොක්කා හෙවත් රටේ වත්මන් ලොකු තැනය කියලා කොළඹට පැමිණිලි හැටහුටහමාරක් ලැබිලා.

දැන් අතයි පොහොට්ටුවයි එකට වැඩ කරද්දි මුන්නැහේ අතට පහර ගහන්න යාමෙන් ගමේ ඉන්න අත පාටියේ කස්ටියගේ සහය ලබාගැනීම අමාරැ වේවි කියලත් ලැබුණ පැමිණිලිවල සඳහන්ලු.

මේක දැන් වාතයක් සහ ඇනයක් වෙන තරමට බරපතළ ලෙස සිද්ධ වෙන වැඩක් නිසා වහාම මේක නවත්තන්න. සන්ධානවල තනි ගමන්වලට ඉඩ නැත කියලා කොළඹින් රතු එළියක් පත්තු කරලා.

ඒ එක්කම හිටපු ලොකු තැන ඇතුළු පොහොට්ටු ලොක්කෙ මේ විදිහට ඡන්දෙ දිනන්නත් කළින් ඇමැතිනම් විකුණන් කන ලොක්කන් ගැනත් දැඩි තීන්දුවක් ගන්න බව කියැවෙනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00