2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

රට යන්න හදන උන්නැහේ

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 1296

දියවන්නා කවුන්සිලේ ඉන්න එක්තරා ප්‍රකට නීති ලොක්කෙක් පසුගිය දවස්වල ලෝකෙ ප්‍රධාන පෙළේ රටවල් දෙකක තානාපති කන්තෝරු දෙකකට ගියා..

උන්නැහේ කාලයක් වමේ දේශපාලනේ ඉඳලා ඊට පස්සේ යහපාලනේ හදලා අලුත් ව්‍යවස්ථාවල් ගේන්න එහෙම මුල්වුණු දේශපාලන වික්‍රමරත්නයන් කිව්වොත් වරදක් නැහැ..

උන්නැහේ හදිස්සියේම හදිසියෙන් තානාපති කන්තෝරු සොයාගෙන ගියේ ඉතා වැදගත් පෞද්ගලික වුවමනාවකට බව තතුදත් අය කියනවා.

මේ ප්‍රබල යුරෝපා රටවල් දෙකෙන්ම හදිසියේම තමන්ටත් තම පවුලේ අයටත් පුරවැසිකම් ඉල්ලා සිටින්නයි මෙයා ගිහින් තිබෙන්නෙ..
එහෙම ගිහිල්ලා තමන් පසුගිය කාලේ හදාපු යම් යම් නීති ව්‍යවස්ථා එහෙම හින්දා විපක්ෂයේ එක්තරා ප්‍රබල දේශපාලන පවුලක් තමන් එක්ක කොන්තරයක් හදාගෙන කියලා පැමිණිල්ලකුත් කරලා.

ඊළඟට උන්නැහේ මේ තානාපති කන්තෝරැ දෙකටම විශේෂ හඬ පටයකුත් භාරදීල. ඒ හඬ පටයේ තිබෙන්නෙ එපා කරපු වැඩ ගැන විපක්ෂයේ උදවිය කරන විවේචන බවත් ආරංචියි.

මේ සේරෝම දීල එයා කිව්වෙ මෙවර මහපුටු ඡන්දයෙන් එයාලට ලොකු වාසියක් තිබෙනව ඒ හින්ද ලැබෙන ප්‍රතිඵලය මොකක් වුණත් තමන්ට දේශපාලන හේතුමත පුරවැසිකම ලබාදෙන්න කියලලු.

උන්නැහේ ඒකට අදාළ අයැදුම්පත් භාරදීලා ආවට පස්සේ තානාපති අංශ මේ කියපු කතා ගැන තිරය පිටුපස විමර්ශනයක් පටන් අරන් තියෙන්නෙ කියූ දේවල් ඇත්තද කියලා සොයන්නලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00