2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

දිගාගෙ බර බරේ

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 615

කුකුළත් අරන් හංසයට සැට්වෙන්න ආපු වතුකර මෑන්ට තවමත් හංසයගෙන් කොළඑළිය දැල්විලා නැතිලු. ඒකට හේතුව කලක පටන් ආණ්ඩුවෙ ඉන්න දිගා අමනාප කරගන්නෙ නැතුව මේ වැඩේ කරන්න ඕන නිසා කියලා තතු දත් අය කියනවා.

කොහොම හරි මේකට කපුකමක් කරලා දිගා ඉන්දෙද්දි වතුකර මෑන් හංසයට පූට්ටු කරගන්න ආණ්ඩවෙ ඉන්න ප්‍රබල වික්‍රම කෙනෙකුට කොන්ත්‍රාත්තුව බාරදුන්නලු.

ඊටපස්සෙ උන්නැහේ ඉස්සරවෙලාම හමුවුණේ වතුකර මෑන් එයා හම්බුවෙලා කතා කරනකොට උන්නැහේ එයාට තිබෙන දුක කිව්වා... ඊළඟට වික්‍රම ඇමැතිගෙන් එයා ඉල්ලා හිටියෙ තමන්ගෙ ජනතාවගෙ ප්‍රශ්න විසඳගන්න මංගල තුමාගෙන් උදව් පදව් ඕනෑ බවයි...

ඒ අනුව වතුකර මෑන් සහ මංගලතුමා අතරෙ හමුවක් ලෑස්ති කළා... ඒක සිද්ධවෙන්න කලින් වික්‍රම ඇමැති තැන හංසයට පූට්ටු වෙන්න එන වතුකර මෑන්ගෙ ආගමනය ගැන දිගා දැනුවත් කළා... එතෙන්දි දිගාගෙන් වික්‍රම ඇමැතිට ලැබුණෙ ලොකු දෝස් මුරයක්... 

දිගා තමන්ගෙ කතාව ඉවරකළේ ඒ මෑන් කුකුළත් අරන් ආවොත් මම තවදුරටත් මෙහේ ඉන්නෙ නැහැ කියමින්...

මේ ප්‍රශ්නය ලොකු හුටපටයක් බව තේරුම් ගත්ත වික්‍රම ඇමැති තැන මංගල සහ වතුකර මෑන් අතර හමුව අවලංගු කෙරෙව්වා... ඊට පස්සෙ දිගා එක්ක අඹ කවියක් කිය කියා යන්න ගියා... වතුකර මෑන් දුක් මූඩ් ගහල බලාගෙන හිටියා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00