2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

යනවනම් යන්න

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 765

අලි පාටියේ අපේක්ෂක අර්බුදේ ගැන තැන තැන සාකච්ඡා කෙරෙද්දි ආණ්ඩුවට සම්බන්ධ වතුකර පක්ෂ දෙකක නායක මට්ටමේ දෙන්නෙක් මේ ගැන අලි පාටියේ ලොකු තැන එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන ගිහිල්ලා උන්නැහේ හම්බවුණා. නමුත් මේ සාකච්ඡාව පටන්ගන්නකොටම වතුකර නායකයෝ දෙන්නට පෙනුණා කෙරෙන්න යන කතාබහ ඒතරම් සුහද මට්ටමක නැති බව. ඒකට හේතුව වතුකර නායකයෝ දෙන්නා ඉස්සරහට එන මහ පුටු සටනට අලි පෙරමුණෙන් පුංචිදාස උන්නැහේ දාන්න කියලා තැනින් තැන ප්‍රකාශ කිරීමලු.

මේ ගැන පාටියේ ලොකු මහත්තයා හිත් අමාරු කරගෙන හිටියේ. ඒ නිසාම සාකච්ඡාව පුරාම තිබුණෙ තරමක ඔරොප්පු මූඩ් එකක්. හිතාගෙන ගියා වගේම කතාවේ මාතෘකාව වුණේ ඉදිරි මහ පුටු සටනේ අපේක්ෂකයා ගැනයි. ඒ කතාව එතකොටම අලි පාටියේ ලොකු මහත්තයා වතුකර ලොක්කන්ට කිව්වෙ මෙහෙම කතාවක්...

&ඕගොල්ලො කියලා තිබුණෙ අරයට නොමිනේෂන් දෙන්නෙ නැත්නම් ඔයාලා එළියට යනවා කියලා.. ඔව් ඉතින් එහෙම නම් ඔයාලා යන්න. ගිහින් සුදුසු තැනක නැවතිලා.. දිනලා බලන්නකෝ..* කියමින් උන්නැහේ වතුකර දෙන්නට ලොකු බරබරයක් දැම්මලු. යනවනම් යන්න කියලා තදින් ලොකු මහත්තයා කිව්වට පස්සේ කතා කරන්න ගිය ටිකත් අමතක වුණ මේ දෙන්නා කිසිම දෙයක් කියාගන්න බැරැව විනාඩි දෙකතුනක් එතන ඉඳලා ආපහු යන්න හැරැනලු. එතකොට ආයෙමත් ලොකු මහත්තයා කිව්වේ.. මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න කියලලු.

ඊටපස්සේ සද්ද නැතුව එළියට ආපු මනෝ - දිගා ගෙදර ගියාලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00